Facebook එකවුන්ට් එක හැක් කරපු වෙලේම දැනගමුද?

මාතෘකාව දැක්කම නම් හිතාගන්න පුලුවන්නේ කොහොම දෙයක්ද කියල දෙන්න යන්නේ කියලා. මේ දවස් වල මට ගොඩක් අහන්න දකින්න ලැබුනා තමන්ගේ ෆේස්බුක් එකවුන්ට් එක හැක් කරලා කියලා. වෙලාවකට ඩිසබල් කරලා කියලා. ඉතිං මේකට හොඳම ආරක්ෂක විධි විධාන අපිට ෆේස්බුක් එක විසින්ම ලබා දීල තියෙනවා. සමහර අයනම් මේ ගැන දන්නවත් ඇති. ඒත් මේ කියල දෙන්නේ නොදන්නා අයටයි. එහෙනම් බලාගන්න.
මේකෙන් වෙන්නේ ඔයාගේ එකවුන්ට් එක කවුරැ හරි හැක් කරන්න හරි නැත්නම් වෙන කෙනෙක් ඔයාගේ එකවුන්ට් එකට ඇතුලු උන ගමන්ම ඔයාගේ ජංගම දුරකථනයට ඒ වෙලේම ටෙක්ස් මැසේජ් එකක් එනවා. ඉතිං අපි බලමු ඒ ෆියුචර් එක අපි කොහොමද අපේ එකවුන්ට් එකට ඇතුලත් කරගන්නා ආකාරය. ඔන්න පින්තූරත් එක්කම මම ඔයාලට දාල තියෙනවා.


මුලින්ම ඔයාලගේ එකවුන්ට් එකට ලොග් වෙලා Account වල තියෙන Account Settings වලට යන්න.
Account ----> Account Settings

ඊට පස්සේ එකවුන්ට් සෙටින්ග්ස් වල තියෙන Account Security කියන එක උඩින් ක්ලික් කරන්න. එතකොට පල්ලෙහා රෑපෙ විදිහට එකක් ඕපන් වෙයි.
Account Settings ----> Account Security

දැන් ඔයාලට ඕපන් උනු වින්ඩෝ එකේ Send Me a Text Message කියන එක ඉස්සරහින් තියෙන කොටුව උඩ ක්ලික් කරන්න. එතකොට ඒ කොටුවේ හරි ලකුණක් වැටෙයි. ඊට පස්සේ Save බට්න් එක ක්ලික් කරන්න.
Account Security ---> Send me a Text Message ----> Save

සේව් කරල ඉවර වෙලා ඔයාල ලොග් අවුට් වෙලා ආයෙත් ලොග් වෙන්න. එතකොට ඔයාලව රෙජිස්ටර් කරන්න හදනවා. එතනට ඔයාගේ ඔයාගේ පරිගණකයේ නම ලබා දෙන්න.

දැං ඉතින් කවුරැ හරි වෙන කෙනෙක් ඔයාගේ එකවුන්ට් එකට ලොග් උනොත් හරි , හැක් කරන්න හැදුවොත් හරි ඔයාගේ ජංගම දුරකථනයට හරි නැත්නම් ඔයාගේ ඊමේල් ලිපිනයට හරි මැසේජ් එකක් එනවා. 
( ජංගම දුරකතනයට මැසේජ් එකක් එන්නේ ඔයා ෆේස්බුක් එකේ මොබයිල් මැසේජ් සෙට් කරං තියෙනවනම් විතරයි)

එහෙනම් ඔන්න වෙන එකක් එක්ක හම්බවෙමු. ඔයාලට මේ ගැන අදහස් උදහස් තියෙනවනම් දාලම යන්න. උදව්වක් වශයෙන් ෆලෝ පාරක් එහෙම දාන්න හොඳේ.


Share on Google Plus

12 comments:

  1. මමනම් ඕක කරලා තියෙන්නෙ

    ReplyDelete
  2. අනිවා ඔන් කරන්නම ඔ්නි. නැත්නම් වැඩ වැරදියි!!

    ReplyDelete
  3. මේ වැඩේ කරන්න ඕන. ස්තූතියි.

    ReplyDelete
  4. @පිස්සු පුසා.... තෑන්ක්ස මචෝ


    @දුකා..... කරල බලන්න. ස්තූතියි කමෙන්ට් එකට

    ReplyDelete
  5. මගෙ එකවුන්ට් එකේ සෙන්ඩි මී අ ටෙක්ස් මැසේජ් කියලා ඔප්ෂන් එකක් නෑනෙ

    ReplyDelete
  6. ela math meka da gaththa

    ReplyDelete
  7. @Anonymous
    ස්තූතියි කමෙන්ටුවට...

    ReplyDelete
  8. ethakota 4n eken log weddi aulada????????????

    ReplyDelete
  9. YUSHAN said...

    ෆෝන් එකෙන් ලොග් වෙද්දී ඔයාට ඔයාගෙ පෝන් එකට වැරිෆයි කරන්න කියන එංකය දෙන්න වෙනවා

    ReplyDelete
  10. phone 1 nethi wunoth hari sim 1 corrupt wunoth hari aaye fb log wenna berida ethakota

    ReplyDelete

ඔබට මෙම ලිපිය පිළිබඳ හෝ වෙනත් කාරණයක් පිළිබඳ ගැටළුවක් ඇත්නම් මා හට දන්වන්න.