Photoshop සරලව කිසිම ගේමක් නැතිව ඉගෙන ගමු - 07 කොටස

කොහොමද ඉතිං? ඔන්න ගොඩක් කාලෙකට පස්සේ ෆොටෝෂෝප් අරගෙන ආවා. දැං ඉතිං දවස් දෙකකට සැරයක් ෆොටෝෂෝප් කියල දෙනවා. ඉස්සෙල්ලා පාඩමේ ඒ කියන්නේ ලයිග්ට් ඉෆෙක්ට්ස් ගැන පාඩමට ඉස්සෙල්ලා පාඩම නැවැත්තුවේ Croup Tool වලින්. ඒ පාඩම බැලුවෙ නැත්නම් මෙතන ක්ලික් කරන්න. හරි එහෙනම් එතන ඉඳං පටං ගමු.



Move Tool
මෙම ටූලය මඟින් සිඳුකරන්නේ Image මත ඇති Layer සිලෙක්ට් කිරීම Drag කිරීම ආදියයි. මීට අමතරව මේක මඟින් Copy - Paste කිරීමටද භාවිතා කරන්න පුලුවන්. කිසියම් selection එකක් Move tool භාවිතයෙන් වෙනත් ෆයිල් එකකට ඩ්රැග් කලහොත් copy-paste වීමක් සිදුවෙනවා. selection aria තුලම Click and Darg කිරීමෙන් Cut- paste වීමක් සිද්ද වෙනවා. තවද වෙනත් ෆයිල් එකකට Drag කිරීමේදී අලුතින් ලේයර් එකක් ඉබේම දෑදෙනවා. (ලේයර් පිලිබඳව විස්තරාත්මකව පසුව සඳහන් කරන්නම්).. ඒ විදිහට ලේයර් කීපයක් ඇති අවස්ථා වලදී තමන්ට අවශ්‍ය ලේයර් එක පහසුවෙන් සිලෙක්ට් කර ගැනීම සඳහා Auto select layer On කරල තියන්න.


Air Brush Tool and Paint Brush Tool
Air Brush Tool මඟින් වර්ණ Spray කර ගැනීම සිඳු කල හැකි අතර Paint brush මඟින් වර්ණ පෙයින්ට් කරගැනීම සිඳුවෙනවා.brush mode වෙනස් කිරීමෙන් වෙනස් ආකාරයේ බ්රෂ් ලබා ගත යුතුය. තෝරාගෙන ඇති වර්ණයෙහි වර්ණ ප්‍රතිශතය වෙනස් කර ගැනීම සඳහාOpacity භාවිතා කරන්න වෙනවා. Foreground වර්ණය ඒ ආකාරයෙන්ම ලබා ගැනීම සඳහා නෝර්මල් මෝඩ් ඉන් ඔපාසිටි 100% තෝරා ගන්න. Multiply, Hard Light, Colour Brush යන Colour Mode වලින් වර්ණ තද පැහැයෙන් පෙන්වන අතර Soft light, High Light, යන colour mode ලා පැහැ වර්ණ පෙන්වයි. paint brush තුලදී opacity වර්ණ ප්‍රතිශතයair brush තුලදී Pressure යනුවෙන් පෙන්වයි.


Brush Palate
බ්රෂ් පැලට්හි පවතින්නේ විවිධාකාර වූ බ්රෂ් හැඩයන්ය. එහි ඇති ඊතලය  (►) මඟින් load brush තෝරා ගැනීමෙන් ඒ සඳහා අවශ්‍ය කරන බ්රෂ් ලබා ගත හැක.


අවශ්‍ය ආකාරයට බ්රෂ් සාදාගන්නා විදිහ
මෙහිදී තමන්ට අවශ්‍ය කරන ස්වරෑපයේ බ්රෂ් එකක් නිර්මාණය කරගත හැක. ඒ සඳහා මුලින්ම brush palate පැති ඊතලය මඟින් new brush තෝරා ගන්න.

  • Name - අවශ්‍ය නම ලබා දෙන්න
  • Diameter - බ්රෂ් එකෙහි ප්‍රමාණය pixel වලින් ලබා දෙන්න
  • Hardness - මෙහි වැඩි අගයක් ලබා දීමෙන් බොඳ නොවූ බ්රෂ් එකක්ද අඩු අගයකින්Spray gun brush එකක් ලබා ගන්න පුලුවන්.
  • Spacing - Brush stoke දෙකක් අතර පරතරය.
  • Angle - මෙමගින් ඉරමිය එකෙහි කෝණය වෙනස් කර ගත හැක.
  • Roundness - බ්රෂ් එකෙහි රවුම් ස්වභාවය වෙනස් කරගත හැක.
මේ ආකාරයට සාදා ගන්නා බ්රෂ් එකක් brush list එකට add වන අතර එය නැවත edit කර ගැනීමට අවශ්‍ය නම් බ්රෂ් එක මත ක්ලික් කරන්න.


Brush Dynamics
  • Size - 2 size යන ස්ථානයෙන් Fade තෝරා fade විය යුතු steps ලබා දීමෙන් බ්රෂ් එක ප්‍රමාණය ක්‍රමයෙන් අඩු කරගන්න පුලුවන්.
  • Pressure - මෙහිදී සිඳුවන්නේ දෙන ලද steps සංඛයාවක් Foreground කලර් එකේ ඇඳී පසුව නොපෙනී යාමයි.
  • Colour - දෙනලද steps සංඛ්‍යාවක් foreground කලර් මඟින් ඇදී පසුව Back Ground  වලට මාරැ වේ.
  • Wet Edges - මෙය on කිරීමෙන් strock එකෙහි විනිවද ස්වභාවය ලැබේ.

Clone Stamp Tool
මෙමගින් සිදුකල හැක්කේ කෙටි ක්‍රමයකින් duplicate එකක් ලබා ගැනීමයි. මෙය ක්‍රියා කිරීම සඳහා ප්‍රථමයෙන්න මෙම ටූල් එක ලබා ගැනීමෙන් පස්සේ ඩුප්ලිකේට් අවශ්‍ය කොටස මත Alt සමඟ ක්ලික් කරන්න. ඊට පස්සේ ලබා ගත යුතු ස්ථානයට මවුස් එක අරන් ගිහිල්ලා rub කිරීමෙන් cone කරගත් ඉමේජ් එක ෆිල් කරගන්න පුලුවන්. ෆයිල් දෙකක් අතර ක්ලෝන් stamp කිරීමේදී ෆයිල් දෙකම එකම colour mode එකක තිබිය යුතුයි. 
colour mode වෙනස් කර ගැනීමට අවශ්‍ය නම් ,
Image -------> Mode
භාවිතා කරන්න.

ටූල් එකෙහි mode හා opacity වෙනස් කිරීමෙන්apply වන clone එකෙහි ස්වභාවය වෙනස් කරගත හැකි නොවේ. එක මත ෆයිල් දෙකක ඇති ලේයර් දෙකක් අතර clone stamp කිරීමේදී use all layer on කර තබන්න.


Paint Bucket Tool
මෙහිඳී සිඳුවන්නේ සම්පූර්ණ ඉමේජ් මත හෝ සිලෙක්ට් කරන ලද කොටස් මතට foreground  වර්ණය ලබා ගැනීමයි. මෙහිදී අවශ්‍යතාවය මත fill වන වර්ණයේ mode හා opacity වෙනස් කරන්න පුලුවන්. fill වන ඒරියා වෙනස් කර ගැනීම සඳහා tolerens වෙනස් කරන්න ඕනි වෙනවා. මෙහිදී ෆිල් වන වර්ණයට අමතරව ෆිල් කිරීම සඳහා patten එකක් වූවද භාවිතා කල හැකිය. ඒ සඳහා paint bucket tool එක තෝරා ගත් පසු ෆිල් යන ස්ථානයෙන් patten යන්න තෝරා ගන්න ඕනි. එයද පෙයින්ට් බකට් ආකාරයටම ක්‍රියා කල යුතුය. 


අවශ්‍ය ආකාරයට patten සාදා ගන්නා ආකාරය
Rectangle  Tool භාවිතා කර patten එක සඳහා අවශ්‍ය කොටස සිලෙක්ට් කර ගන්න. මේ සඳහා feather ලබා දිය නොහැක. පසුව edit define patten ලබා ගන්න. ඊට පස්සේ පැටන් එක සඳහා නමක් ලබා දී සේව් කරගන්න පුලුවන්. transfinite background  සහිත පැටන් අවශ්‍ය නම් ඕනෑම සිලෙක්ෂන් ටූල් එකක් භාවිතා කරලා හැඩය ලබා ගන්න. මේ සඳහා ෆෙදර් ලබා  දිය හැක. මෙසේ සිලෙක්ට් කරගත් කොටස transfrant පිටුවකට කොපි පේස්ට් කර ගත යුතුය. පසුව එම පිටුව රෙක්ටෑන්ගල් හා ටූල් භාවිතයෙන් සිලෙක්ට් කරගෙන edit -------------> define  පැටන් යන්න තෝරා අනතුරැව සේව් කරන්න.


Hi story brush tool
මෙහිදී සිඳුවන්නේ ඉමේජ් සඳහා පෙයින්ට් බ්රෂ් භාවිතා කල විට ඇති වන අනවශ්‍ය දෑ ඉවත් කිරීමයි.


Art story brush tool
මෙම ටූල් එක මඟින් තෝරාගත් ස්ටයිල් භාවිතා කර ඉමේජ් වෙනස් කරගන්න පුලුවන්.

එහෙනම් අදට මතු සම්භන්ධයි හොදේ. අනික් කොටස අරං එන්නම්කෝ. එහෙනම් ෆලෝ පරක් එහෙම දාල යන්න හොදේ!
Share on Google Plus

0 comments:

ඔබට මෙම ලිපිය පිළිබඳ හෝ වෙනත් කාරණයක් පිළිබඳ ගැටළුවක් ඇත්නම් මා හට දන්වන්න.