Google Plus (G+) වල වැඩකෑලි ටිකක් බලාගමූ!!!!

ඔන්න ගොඩක් දවසකින් පෝස්ට් එකක් දාන්න බැරිඋන හින්දා මේ දවස් වල ගොඩක් අය කතා වෙන මාතෘකාවක් ගැන විස්තර දාන්න හිතුනා. අද දෙන්න යන්නේ Google Plus ගැනයි.

මේක අලුත් හින්දා ගොඩක් අයට මේකෙන් කරන්න පුලුවන් වැඩ හොයාගන්න අමාරැයි. ඉතිං මට හිතුනා ඒ ගැන ඔයාලට කියල දෙන්න. මමත් මේකට ගියපු පළවෙනිම දවසෙනම් මොනවත් හිතාගන්න බැරිඋනා.
Google Plus වල අතුරැමුහුණත නැත්නම් ඉන්ටර්ෆේස් එක ඉතාම සිත්ඇඳගන්නා සුලු චමත්කාරජනක එකක්. ඒක ඒ කියන්නේ Google Plus ගොඩක් දුරට ෆේස්බුක් වලට සමානයි. Google+ වල ගොඩක්ම ලොකු ප්‍රයෝජනය වෙන්නේ අපි පෝස්ට් එකක් දාපුවහම ඒක පබ්ලිෂ් කරල තියෙද්දිත් ඉට්ඩ් කරන්න පුලුවන් වීමයි. මේක ඉතාමත් අනපේක්ෂිත සිඳුවීමක් හා ඉතා සතුටු දායක දෙයක් වූවද මේක ගොඩක් අය නරක පැත්තටද යොදාගන්න පුලුවන්. කෙසේ හෝ ගූගල් සමාගම ඊලග පරපුරේ සමාජ වෙබ් අඩවිය මේ වන විට හඳුන්වා දී අවසානයි. එහෙනම් පටං ගමු. ආ... තව දෙයක්. කට්ටියම මාවත් ඇඩ් කරගන්න අමතක කොරන්ඩනම් එපා. මාව ඇඩ් කරගන්න මෙතන ක්ලික් කරන්න.


01. ඔබට යහලුවන් ඇඩ්කරගන්න වෙන්නේ මේ පහළ පින්තූරේ පෙනෙන ආකාරයට ඇති රවුම් වලට ඒ අදාල යහලුවා හෝ පවුල් ඥාතියා හෝ වෙනත් කෙනෙක් හෝ ඒ අදාල රවුමට ඩ්රැග් ඇන්ඩ් ඩ්රොප් කිරීම මඟිනි. ඔයාට ඕනිනම් ඔයාට කැමති විදිහේ ග්රෑප් එකක් හදාගන්නත් පුලුවන්.






02. 1+ බට්න් එක හරියට ෆේස්බුක් තුල තියෙන ලයික් බට්න් එක වගෙයි. 1+ ඕන වෙබ් සයිට් එකක තිබුනොත් මුහුණුපොතේ තියෙන ෂෙයාර් බට්න් එකට අනුරෑපකයක් ලෙස මෙය ක්‍රියාත්මක වෙනවා.




03. මුහුණු පොතේ වගේම ගූගල් ප්ලස් වලත් ටෙක්ස්ට් එකට වැඩකෑලි දාන්න පුලුවන්. ඔයාට මේ ගූගල් ප්ලස් තුලින් අකුරැ වලට දැනට නොයෙකුත් වැඩ කෑලි තුනක් දාන්න පුලුවන්. bold කරන්න පුලවන්. italic කරන්න පුලුවන්. 
Strike out 
කරන්න පුලුවන්. ඉතිං මේක කරන්නනම් ඔයාට විශේෂ characters ටිකක් දැනගන්න උවමනා වෙනවා. ඔන්න පහල පින්තූරෙන් ඒවා බලාගන්න.



04. මේකනම් මුහුණුපොතේ තියෙන photos, videos, හෝ links ඇතුලත් කරලා පෝස්ට් එකක් දාන්න පුලුවන් විදිහට හදල තියෙන්නේ. හැබැයි ගූගල් ප්ලස් වල අලුත් අත්දැකීමක් තියෙනවා. ඒ ඩ්රැග් ඇන්ඩ් ඩ්රොප් පහසුකම මේ සිස්ටම් එකටත් ලබා දීමයි. ඒකෙන් ගොඩක්ම වැඩේ ලේසි වෙනවා. මොකද නැත්නම් ඒ ෆයිල් එක හොයාන ආයෙත් හොය් යන්න එපා වෙනවනේ. 





05. මුහුණු පොතේ තියෙනවනේ කාවහරි ටැග් කරන්න . ඒක කරන්නේ @ කියන සිම්බල් එක මුලට දීලනේ. මේකෙත් පුලුවන්. ඒක කරන්නේ + ලකුණ හෝ @ ලකුණ මුලට යොදලා අදාල නම ටයිප් කරන එකයි.





06. මෙතනදී ඔබගේ පෝස්ට් ප්‍රදර්ෂණය වන්න අවශ්‍ය කුමන අයටද යන්න තීරණය කරන්න පුලුවන්. ඔයා Public” ලබා දුන්නොත් හැමෝටම ඔයාගේ පෝස්ට් එක බලාගන්න පුලුවන්. Extended circles” කියන එක දුන්නොත් ඒ පෝස්ට් එක බලාගන්න පුලුවන් වෙන්නේ ඔයාගේ සර්කල් වල ඉන්න අයට විතරයි. ඔයාට ඕනිනම් ඔයාගේ යහලුවන්ට විතරක් පේන් පෝස්ට් එකක් දාන්න 'Friends' කියන එක තෝරදලා දෙන්න. අනිත් සර්කල් වලටත් ඒ විදිහම තමයි.






07. ටුවිටර් වල තියෙනවා වගේ මේකෙදී ඔයාට අනිත් අයට ඔයාගේ පෝස්ට් එකට කමෙන්ට් දාන එක නවත්තන්න පුලුවන්. ෂෙයාර් කරන්න බැරිවෙන්න සකසන්න පුලුවන්. ඒකට කරන්න තියෙන්නේ ඔයා දාපු පෝස්ට් එකේ දකුණු පැත්තේ පහළට වෙන්න ඊතලයක් තියෙනවා. ඒක ක්ලික් කරන්න. ඊට පස්සේ ලයිස්තුවක් වැටෙනවා. අපි උදාහරණයක් විදිහට ෂෙයාර් කරන එක නවත්තන්න ඕනි කියල හිතමු. එහෙනම් අපට කරන්න තියෙන්නේ Disable reshare කියන එක ක්ලික් කරන්න විතරයි.





08. ගූගල් + වල දැනට පවතින් ආකාරයටනම් ඔබට පුද්ගලිකව මැසේජ් යැවීමේ පහසුකමක් ලබා දීල නෑ. ඔයාට කරන්න තියෙන එකම වැඩේ තමයි ඔයාට ඕන දේ privately පෝස්ට් කරන එකයි. හැබැයි දෙයක් මතක තියාගන්න. ඒ වගේ පෝස්ට් එකකදී රීෂෙයාර් කරන එක ඩිසබල් කරන්න. නැත්නම් ඒ කෙනා මේක රීෂෙයාර් කරන්න ඉඩ තියෙනවා.


09. Keyboard Hot-keys:


එහෙනම් අලුත් පෝස්ට් එකකින් හම්බවෙමු. මතක් කොරලා මාවත් ඇඩ් කරගන්න. පුලුවන්නම් ෆලෝ පාරකුත් දාගෙනම යන්න

Share on Google Plus

14 comments:

  1. එල එල...ඒත් බුකියට කෙලින්න නම් බෑ :පී

    ReplyDelete
  2. "+1"
    (අලුත් ක්‍රමේට ලයික් එකක්) ;) :D

    ReplyDelete
  3. @චාටර් කොල්ලා
    වෙන්න පුලුවන්... ඒත් පොඩ්ඩක් ඊලඟ අවුරැද්ද විතර වෙනකම් ඉවසලා ඉන්නකෝ. එතකොට බලමු මොකක්ද හොඳ කියලා. මොනව උනත් කමෙන්ටුවට ස්තූතියි

    ReplyDelete
  4. @ඩිරේන්
    හික් හික් +1 ඈ... තෑන්ක්ස් කමෙන්ටුවට

    ReplyDelete
  5. ෆට්ට ෆට්ට බං එත් මට ගුගල් ප්ලස් එන්න මේ ගුගල් කාරයෝ දෙන්නේ නෑ බං

    ReplyDelete
  6. +1 තැන්කූ වොවා...

    ReplyDelete
  7. නියමයි මල්ලියා ......
    එල ......

    ReplyDelete
  8. කොහොමද ගූගල් + account 1ක් හදා ගන්නෙ?

    ReplyDelete
  9. +1 මචන්ලා තාම බීටා නෙහ්.. ඔෆිෂියලි එලියට දැන්මම අළුත් අළුත් වැඩ කෑලි දමයි

    ReplyDelete
  10. @පන්සල් හංදිය
    ස්තූතියි කමෙන්ටුවට!

    ReplyDelete
  11. @dilan
    https://plus.google.com ඔන්න ඕකට යන්න

    ReplyDelete
  12. @Charith
    ඔව් තාම බීටා තමයි. ඔෆීසියල් දාපුවහමනම් නියෙමටම තියෙයි!!

    ReplyDelete

ඔබට මෙම ලිපිය පිළිබඳ හෝ වෙනත් කාරණයක් පිළිබඳ ගැටළුවක් ඇත්නම් මා හට දන්වන්න.