Photoshop භාවිතයෙන් GIF විදිහේ නිර්මාණයක් කරමු



ඔයාලට අද කියල දෙන්න යන්නේ කොහොමද photoshop භාවිතා කරලා Animation එකක් එහෙමත් නැත්නම් GIF file එකක් හදාගන්නේ කියලා. මේ වැඩේ කරන්න හරිම ලේසියි. උවමනා කරන්නේ ඔයාට ඕනි පින්තූර හෝ Animation කරන්න අවශ්‍ය දේවල් සහ Photoshop ඔයාගෙ පරිගණකයේ තිබීම විතරයි. එහෙනම්
පටං ගමු.(පටං ගන්න ඉස්සෙල්ලා කියන්නං මේ ලොකුවට අරං තියෙන්නේ මම ඔයාලට පෙන්වන්න ඕනි නිසායි. ඒක නිසා ටිකක් පොඩිවට ගන්න. මොකද ලොකුවට ගත්තහම සමහර විට animation එක වැඩ කරන්නෙ නැතිව යන්න පුලුවන්)

මුලින්ම photshop open කරගන්න. ඊට පස්සේ Window Menu එකේ තියෙන Animation කියන එක උඩ click කරන්න.

දැන් ඔයාලට පේයි පහළින් වෙනම කොටසක් විවෘත වෙලා තියෙනවා.

 දැං ඔයාගෙ පින්තූරය හෝ text එක යොදාගන්න අවශ්‍ය pixel ගණන ලබා දීල අලුත් work sheet එකක් ගන්න. ඊට පස්සේ අපි මුලින්ම බලමු කොහොමද Text එකක් Animation කරගන්නේ කියලා.

මේකෙදී මුලින්ම ඔයාට ඕනි කරන text එකක් ඔයාගෙ sheet එකේ type කරන්න. ඊට පස්සේ ඔයාට ඕනි කරන්නේ frame පහකින් යුක්ත animation එකක් කියල හිතමුකෝ අපි. එහෙනම් අපේ text එක කොටස් පහකට ගැලපෙන විදිහට තියෙන්නත් ඕනිනේ.
   
      උදා:- Software , Photoshop, Blogger, Tricks, E-Money, Films, Games, Torrents And More... BlogShan  All things For you


ඔන්න ඕකෙනම් කොටස් එකොලහක් ඇතුලත් වෙලා තියෙනවා. ඒ කොටස් වෙන් කරගන්න හැටි දැන් බලමු.

  • Software - පළවෙනියට පෙන්වීමට 
  • Photoshop - දෙවෙනියට
  • Blogger - තුන්වෙනියට
  • Tricks - හතරවෙනියට
  • E-Money - පස් වෙනියට
  • Films - හය වෙනියට
  • Games - හත්වෙනියට
  • Torrents - අටවෙනියට
  • And More... - නව වෙනියට
  • BlogShan - දහවෙනියට
  • All things For You - එකොලොස් වෙනියට
ඉතිං ඔන්න ඔය විදිහට තමා කොටස් වෙන් කරගන්නේ. දැං බලමු අපේ මේ Text එක යොදාලා කොහොමද වැඩේ කරන්නේ කියලා. 

**. මෙහිදී text එක මැදදී හෝ මුලදී හෝ ඕනෑම තැනකට පින්තූරද එකතු කර ගැනීමට හැකිය .**

මුලින්ම sheet එකේ ඔයාගෙ මුල් වචනය type කරන්න. මම කොටස් කරපු ඒවගේ Software කියල තියෙන නිසා මම Software කියල type කරනවා. ඕනනම් ඔයාගෙ Background එකට Gradient tool භාවිතා කරලා පොඩි ලස්සනකුත් එකතු කරන්න. ඊට පස්සේ අදාල text එක ලස්සන කරන්න.



ඊට පස්සේ තමා අනිත් වැඩේ. දැං ඔයාට අනිත් text එකත් පළමුවෙනි text එකත් සමඟ සමාන්තරව යන්න ඕනිනම් ඔයාලට සිද්ධ වෙනවා layer panel එකේ තියෙන ඔයාගේ text එකට ඉස්සරහින් තියෙන Indicates layer viability කියන එක ඒ කියන්නේ ඇහැක් වගේ තියෙන එක උඩ click කරන්න. එතකොට ඒ ඇහැ නැති උනාම ඔයාගෙ text එකත් නැතිවෙනවා. ආයෙත් text එක පෙන්වන්න ඕනිනම් ඒ ඇහැ වගේ එක උඩ ආයෙත් click කරන්න.


දැන් ඔයාගෙ දෙවෙනි text එක type කරන්න.

දැන් අර අපි පේන්නැති කරපු ඇහැ වගේ එක ආයෙත් පෙන්වන්න. එතකොට ඔයාට පේයි ඒ text දෙකම එකට තියෙනවා. දැං ඒ වගේ අර ඇහැ වගේ එක click කර කර ඔයාට අවශ්‍ය කොටස් සියල්ලම type කරගන්න. type කරල ඉවරවෙලා ඒ ඔක්කොගේම ඇහැ වගේ කොටස අපිට දිස්වෙන විදිහට සකසන්න. ඒ කියන්නේ අපි type කරපු හැම කොටසක්ම අපිට පේනවා කියන එකයි. (එහෙම කරාම අපිට නිකං පිස්සු වගේ) ඔන්න මම පල්ලෙහායින් දානවා මගේ text ඔක්කොම හදලා ඉවරවුනාට පස්සේ අර ඇහැ වගේ එක click කිරීමෙන් පුසව අපිට පේන විදිහ.


දැන් ඔයාලට මුලින්ම පේන්න ඕනි text එකේ ඇහැ ඉතුරැ වෙන්න අනිත් හරම එකකම ඇහැ නැති කරන්න.හැබැයි Background එකේ ඇහැනං නැති කරන්න එපා හොඳේ.
(උදා- මට Software කියන එක මුලින් පේන්න ඕනි නිසා ඒකෙ ඇහැ ඉතිරි වෙන්න අනිත් ඒවගේ ඇස් පේන්නෙ නැති කරනවා)


දැන් animation bar එකේ කොටස් හඳුන්වලා දෙන්නම්.


  1. කීවෙනි Frame එකද කියන එක දැක්වේ.
  2. එම frame එකට අදාලව දිස්වෙන කොටස දැක්වේ.
  3. frame එකක් කොතරම් කාලයක් තිබිය යුතුද සහ කාලය වෙනස් කිරීමට භාවිතා කරන කොටස.
  4. Animation එක save නොකර අපට බලාගැනීමට play batten එක භාවිතා කල හැක.
  5. අලුත් frame එකක් ලබා ගැනීමට.
  6. Frame එකක් delete කිරීමට. 
දැන් ඔයාලගේ පළවෙනි frame එක හරි. ඒ කියන්නේ පළවෙනියට දිස්වෙන්න ඕනි එක හදල ඉවරයි. දැන් දෙවෙනි එක හදන හැටි බලමු. මුලින්ම අලුත් frame එකක් ලබා ගන්න. ඊට පස්සේ එතනත් පෙන්නුම් කරන්නේ ඔයාගෙ පළමුවෙනි frame එකේ පෙන්නුම් කරපු text එකයි. ඒ text එකේ ඇහැ අයින් කරලා ඔයාලගේ දෙවෙනි frame එකට පෙන්නුම් කරන්න ඕනි එක ඉස්සරහා තියෙන ඇහැ select කරන්න. එතකොට දෙවෙනි frame එකේ ඒ text එක පෙන්නුම් කරනවා. එතකොට ඔයාලට බලාගන්න පුලුවන් වෙනවා frame දෙකේ text දෙකක් සඳහන් වෙලා තියෙනවා කියලා. ඒ කියන්නේ පළවෙනි frame එකේ පළවෙනි text එකත්, දෙවෙනි frame එකේ දෙවෙනි text එකත් සඳහන් වෙලා තියෙනවා.


දැන් ඒ වගේ අනිත් frame ටිකත් හදාගන්න.


දැන් අපිට මේ frame වලට අදාල වෙලාවන් සකසා ගන්න වෙනවා. ඒකට තුන්වෙනි ඉලක්කමෙන් පෙන්වලා තියෙන තැන click කරන්න. එතකොට එතනින් වෙලාවන් පෙන්වනවා. ඔයාට කැමති වෙලාවක් ඒ ඒ frame වලට ලබා දෙන්න.ඊට පස්සේ play බොත්තම click කරලා ඔයාගෙ animation එක බලාගන්න පුලුවන්.


දැන්නම් වැඩේ ඉවරයි. දැන් තියෙන්නේ ඉතිං save කරගන්න තමා. ඒක කරන්නේ මෙහෙමයි. මුලින්ම File menu එක click කරන්න. ඊට පස්සේ Save for Web and Devices... කියන එක click කරන්න. ඊට පස්සේ අලුත් window එකක් open වෙනවා. ඒ ලැබෙන එකේ save කියන එක ලබා දෙන්න. ඊට පස්සේ save කරන්න තැනක් අහනවා. ඔයාට කැමති තැනක් ලබා දීල save කියන එක click කරන්න. දැං ඔයාගෙ animation එක හැදිලා ඉවරයි.. දැං ඉතිං ඔයාට ඒක බලාගන්න ඕනිනම් web browser එකට ඔයාගෙ animation එක drop කරන්න. එතකොට ඔයාට බලාගන්න පුලුවන් වෙයි.


ඔන්න මම හදපු animation එකක් බලන්න මෙතනින් යන්න.

දැං බලමු අපි කොහොමද මේක site එකකට upload කරන්නේ කියලා. මේක මමනං කියන්නේ picasa එකට upload කරලා ඒකෙන් ඔයාලගේ site එකට link කරන එක හොඳයි කියලා. ඒ ගැන දන්නවනේ ඉතිං. images දාලත් animation එකක් හදාගන්නේ ඔය විදිහම තමයි. එහෙනං වැඩේ සාර්ථකනම් comment කරලම යන්න. මොනව හරි අවුලක් තියෙනවනම් අහන්න. තව මේ වගේ ඒව දාපුවහම දැනුවත් වෙන්නම් Follow පාරක් දාල යන්න. එහෙනං මම ගියා. අලුත් එකකින් හම්බවෙමු.



Share on Google Plus

12 comments:

  1. ela kolla ela... mama onna karala baluwa elatama wada.. thanks macho

    ReplyDelete
  2. great work indeed thanks! from italy

    ReplyDelete
  3. Add ur blog http://nimnaya.info/

    ReplyDelete
  4. නියමයි ගොඩක් ඉස්තූති මම ඉල්ලපු එක කියලා දුන්නට

    ReplyDelete
  5. මේ යාලුවේ අපේ බ්ලොග් එකට දා ගන්න බැරිද ඕන කෙනෙක්ට කොමන්ට් කරන්න පුලුවන් විදියට කොමන්ට් බොක්ස් එකක් ????????????????

    ReplyDelete
  6. mama ahapu prasneta kauru hari help ekak karannako

    ReplyDelete
  7. දුමිත් මධූෂ said...

    ona kenekta comment karanna puluwan widihata thama blogger eken comment box eka dila tiyenne. eka samahara wita oya wenas karala ethi settings walin

    ReplyDelete
  8. ok sahodaraya ekata kamak na awasthawak labuna gaman ehenam facebook eka daganna widiya kiyala dennako hode.therena widiyata kiyala denna hode thanx sahodaraya

    ReplyDelete
  9. machooooooooooo godaaak thaaaaaaaaaanks

    ReplyDelete
  10. niyama wedak yaluwa. kiyala dunnata thnx

    ReplyDelete

ඔබට මෙම ලිපිය පිළිබඳ හෝ වෙනත් කාරණයක් පිළිබඳ ගැටළුවක් ඇත්නම් මා හට දන්වන්න.