යාලුවාගේ බැටරියෙන් තමන්ගේ ෆෝන් එක චාර්ජ් කරගන්න

ගොඩක් අයට තියෙන ගැටළුවක් තමයි තමන්ගේ ස්මාර්ට් ජංගම දුරකථනයේ බැටරි ආරෝපණය ඉක්මනින් අඩුවෙන එක. ඉතින් මේ හේතුව නිසා සමහර වෙලාවට අත්‍යවශයම වැඩක් කරගන්න තියෙන හැකියාව නැතිවෙලා යන්න පුලුවන්. මේ ගැටලුව ගැන හිතලා Samsung (සැම්සුන්ග්) ආයතනය විසින් අලුත් නිපැයුමක් සොයාගෙන තියෙනවා.

ඒකට කියන්නේ Samsung "Power Sharing Cable" කියලා. ඉතින් මේ කේබල් එකෙන් පුලුවන් තමන්ගේ ස්මාර්ට් ජංගම දුරකථනයේ බැටරිය අඩු මට්ටමක පවතිනවනම්, නැත්නම් බැටරිය හොඳටම බැහැලනම් තවත් ජංගම දුරකථනයක්, නැත්නං වෙනත් ඉලෙක්ට්‍රෝනික මාධ්‍යයක් (USB කේබලයක් සවිකල හැකි) භාවිතා කරගනිමින් ඔබේ දුරකථනයෙහි බැටරියේ ආරෝපණය වැඩි කර ගන්න.

මේ කේබල් එක ඩොලර් 19.99කට (භාණ්ඩය නිවසට එවීම සඳහා නිළ මට්ටමෙන් ඩොලර් 4.48ක් අය කරනු ලබනවා) සැම්සුම්න්ග් සමාගම විසින් අලෙවිකරනු ලබනවා. (කේබලය මිළඳී ගැනීමට පහතින් සඳහන් කර ඇති සබැඳියන් භාවිතා කරන්න.)

ඔබ මෙම කේබලය මිළඳී ගතහොත් හෝ ඔබගාව ඇතිනම් මෙය භාවිතා කිරීමට ඔබට Google Play Store හි ඇති Power Sharing යන ඇප් එක ඔබේ ජංගම දුරකථනයට භාගත කරගත යුතුවෙනවා. එයින් ඔබට හැකියාව ලැබෙනවා කොපමණ විද්‍යුත් බලයක් අනිත් උපාංගයට දියයුතුද සහ එයට ගත වන වෙලාව දැනගැනීමට.  (මෙම ඇප් එක බාගත කරගැනීම සඳහා ලිපියේ පහළ ඇති සබැඳිය භාවිතා කරන්න.)

සාමාන්‍යයෙන් ටැබ්ලට් එකක බැටරියෙහි ආරෝපණය කාලය වැඩියි. ඉතින්, ටැබ්ලට් එකක් ඔබට තිබෙනවානම්, ඔබ එය සමඟ අනිකුත් ඔබේ ජංගම දුරකථනයන් සෑමවිටකම පාහේ ඔගමනක් යනවිට රැගෙන යනවානම්, ඔබට හැකියාව ලැබෙනවා ටැබ්ලට් එක හරහා ඔබේ දුරකථනයෙහි ආරෝපණය නොමැති වට එය ආරෝපණය කරගැනීමට.

අවශ්‍ය කරනුලබන සබැඳියන්:-

- Samsung Power Sharing cable will let your devices get by with a little help from their friends -
W W W . S I R K I N A A . B L O G S P O T . C O M
#sirKinaa
Share on Google Plus