ගූගල් සමාගම ඇන්ඩ්‍රොයිඩ් නව සංස්කරණය එලි දක්වයි

ගූගල් සමාගම විසින් නිළමට්ටමෙන් ඔවුන්ගේ නවතම ඇන්ඩ්‍රොයිඩ් සංස්කරණය වන, Android 5.0 Lillipop (ඇන්ඩ්‍රොයිඩ් 5.0 ලොලිපොප්) මෙම අවුරුද්දේ පවත්වනු ලැබූ Google I/O හීදී පාරිභෝගිකයන්ට දැක බලාගන්නට සලසවනු ලැබුවා. මේ සතියේ බදදා වෙනකම්ම මෙම නව සංස්කරණයෙහි නම වූයේ Android "L" ය.

ගූගල් සමාගම විසින් මෙම සංස්කරණයට ලොලිපොප් යනුවෙන් පවසන්නේ මේ වන විට නිකුත්කර තිබෙන ඇන්ඩ්‍රොයිඩ් සංස්කරණයන්ගෙන් "විශාලතම,  බොහෝමයක් අපේක්ෂා සහිත" සංස්කරණය මෙය වන බැවිනි. සමාගම විසින් මෙම සංස්කරණයෙහි වැදගත් වෙනස්කම් රාශියක්ම කර තිබෙන බවටයි තොරතුරු අනාවරනය වනු ලබන්නේ. ඒ දැකුම්කලු නිමාවකින් යුත්, නොයෙකුත් පැහැයන්ගෙන් හැඩගනු ලැබූ නවතම අතුරු මුහුණතක් ඉඳිරිපත් කරමිනි. ඒ මඟින් මෙම සංස්කරණය භාවිතා කරන පුද්ගලයාට දුරකථනය, ටැබ්ලට් එක, රූපවාහිනිය සහ ස්මාර්ට් ඔරලෝසු යන ඒවා අතර වෙනම සංස්කරණයක් දක්නට නොලැබෙනු ඇත.

Android Lollipop
එමෙන්ම ලොලිපොප් වෙතින් පාරිභෝගිකයාට නවතම සැකසුම් තීරුවක් සංස්කරණය දී ඇත. එයින් ඔබට අවශ්‍ය කරන දැනුම්දීම් සංස්කරණය කළ හැක. උදාහරණයක් වශයෙන් ඔබ ඔබේ පවුලේ පුද්ගලයින් සමඟින් රාත්‍රි කෑම වේලකට යමින් සිටිනවානම්, ඔබගේ සැකසුම් මත ඔබට ලැබෙන පණිවිඩ පවුලේ පුද්ගලයන්ගේ ඒවා පමණක් බවට සකසා ගත හැකිය. එමෙන්ම ඔබට පරිගණක වල සේම User Account කිහිපයක් නිර්මාණය කරගත හැක. මෙය මඟින් තවකෙකු ඔබගේ දුරකථනය භාවිතයේදී ඔබේ දත්ත පිළිබඳ ඔබට ඇසගසා සිටීම නතර කල හැක.

සමහරවිට මේ ලොලිපොප්හි තියෙන විශේෂම ගුණය වනුයේ, එහි ඇති නව battery saver ගුණයද විය හැක. මෙය සක්‍රීය කිරීම මඟින් ඔබගේ බැටරිය ආරෝපණය පහත වැටී තිබුනත් ඔබට බැටරියේ ආරෝපණ කාලය විනාඩි 90කට ඉහළ දමා ගත හැක.

සටහන් වලට අනුව ගූගල් නෙක්සස් ජංගම දුරකථන පාවිච්චි කරන්නන්ට මේ නොවැම්බරයට කලින් ලොලිපොප් අපේඩේට් එක ලැබෙනු ඇත.

එමෙන්ම, ඇන්ඩ්‍රොයිඩ් Open Source සංස්කරණයක් නිසා ගූගල් සමාගම විසින් නවතම වීඩියෝවක්ම සාදා තිබෙනවා. එම වීඩියෝව පහතින් නරඹන්න.



ඇන්ඩ්‍රොයිඩ් ලොලිපොප් ගූගල් සමාගම විසින් නිකුත් කරනු ලබයි
Android Lollipop published by Google
w w w . s i r k i n a a . b l o g s p o t . c o m
#sirkinaa
Share on Google Plus

1 comment:

  1. ප්‍රිය ඇඩ්මින් වෙත,

    ඔබේ බ්ලොග් අඩවියත් විකසිත සින්ඩියට එක්කර ගන්න. (Blog Syndicator)
    Blogger සහ WordPress බ්ලොග් අඩවි සදහා එම අඩවියේ URL එක සහ බ්ලොග් එකෙහි නම ලබාදුන් සැනින් ස්වයංක්‍රියව සින්ඩිය හා ඇමුණුම සිදුවේ.
    බ්ලොග් නොවන නමුත් Feeds සක්‍රිය වෙබ් අඩවි වුවද සින්ඩිය හා ඇමිණිය හැකිය.
    විකසිත සින්ඩිය :- http://www.syndi.wikasitha.com/

    මිට හිතාදර
    ඇඩ්මින් - විකසිත සින්ඩිය. (info@vweb.lk)

    ReplyDelete

ඔබට මෙම ලිපිය පිළිබඳ හෝ වෙනත් කාරණයක් පිළිබඳ ගැටළුවක් ඇත්නම් මා හට දන්වන්න.