සැම්සුන්ග් ගැලක්සි නෝට් 4 දුරකථනය නිකුත්කරන දින ප්‍රකාශයට පත්කරයි

සැම්සුන්ග් සමාගමේ Galaxy Note යන වෙළඳ නාමය යටතේ එලිදැක්වෙන නවතම ස්මාර්ට් ජංගම දුරකථනය වනුයේ Samsung Galaxy Note 4යි. මෙය දකුණු කොරියාවේ 2014 සැප්තැම්බර් මස 26වෙනි දින සිට පාරිභෝගිකයාට මිලදී ගැනීමට ඉඩ වෙන්කරනු ලැබුවා. මෙම ඔක්තෝම්බර් මාසය අවසන් වන විට රටවල් 140කට වඩා වැඩි ප්‍රමාණයකට මෙම දුරකථනය එලිදක්වනු බවට සැම්සුන්ග් සමාගම විසින් ප්‍රකාශයක් නිකුත් කරනු ලැබුවා.

මේ වන විට කොරියානු නිෂ්පාදකයින් බලාගෙන සිටින්නේ මෙම Note 4 ස්මාර්ට් දුරකථනය අනිකුත් රටවලට නිකුත් කරන්නේ කවදාදැයි යනුවෙනි. හේතුව, ඔවුන්ගේ නිෂ්පාදනයන් දියුණු කරගැනීමටයි. සැම්සුන්ග් සමාගම විසින් ඔවුන්ගේ ෆේස්බුක් ගිණුමෙහි නොයෙකුත් පැහැ ගැන්වුනු තිත් කිහිපයක් තබමින් එකිනෙකට වෙනස් වූ රටවල් වලට මෙම දුරකථනය නිකුත් කරන දිනයන් පින්තූරයකට ගොනු කර දක්වා තිබුනා. එය ඉතා පැහැදිලි බවක් ගෙන නොදුන්නත්, පාරිභෝගිකයාට නෝට් 4 දුරකථනයක් මිළඳී ගැනීමට හැකිවන කාල පරාසය පිළිබඳ සාමාන්‍ය අදහසක් ගැනීමට එය ප්‍රමාණවත්ය. 
බොහොමයක් ප්‍රධාන වෙළඳපොලවල් සහ, ඇමරිකාව, කැනඩාව, එක්සත් රාජධානිය, යුරෝපා රටවල් සහ ඉන්දියාව යන රටවල්ද ඇතුලුව මෙම ඔක්තෝම්බර් 10 වෙනිදායින් ආරම්භ වෙන සතියේ පටන් නිකුත් කරනු ලබනු ඇත. ඉන්දියාවට සහ එක්සත් රාජධානියට ඔක්තෝම්බර් 10 වෙනිදාද, ඇමරිකාවට සහ කැනඩාවට ඉන් සතියකට පසුවද යන ආකාරයෙන් සැලැස්මක් සැම්සුන්ග් සමාගම විසින් මේ වන විට තහවුරු කරගෙන තිබේ. සිංගප්පූරුව සහ තායිලන්තය වැනි රටවලට මෙම මාසයේ දෙවනි සතියේදී එලිදක්වන්නට නියමිතයි. දකුණු ඇමරිකානුවන්ට නොවැම්බර් 5 වෙනිදාට පෙර ඔවුන්ට දුරකථනය භාවිතා කරන්නට ඉඩ ලැබෙනු ඇත.
පහතින් දක්වා ඇති පින්තූරයේ ඔබේ රටට Galaxy Note හතරවෙනි පරම්පරාව ලැබෙන්නේ කවදාදැයි දැනගන්න. 
විශාල කර බැලීමට පින්තූරය මත ක්ලික් කරන්න


- Samsung reveals Galaxy Note 4 release dates for various regions -
w w w . s i r k i n a a . b l o g s p o t . c o m
#sirkinaa
Share on Google Plus

2 comments:

ඔබට මෙම ලිපිය පිළිබඳ හෝ වෙනත් කාරණයක් පිළිබඳ ගැටළුවක් ඇත්නම් මා හට දන්වන්න.