ත්‍රිමාණත්වය සැබෑවක්ද නැතිනම් බොරුවක්ද?


ඔබ සිතන අයුරින් මිනිසුන් වන අපි මේ පරිසරය ඇස් දෙකෙන් දකින්නේ 2D ආකාරයටද, නැතිනම් 3D ආකාරයටද? සරළව පිලිතුරක් ලබා දෙනවානම් අපි දකින්නේ 3D ආකාරයට. 3D ආකාරය යනු ත්‍රිමාණවයි. නමුත් මෙම ලිපිය අවසාන වෙන තෙක් ඔබ කියව්වොත්, ඔබේ හිතේ තියෙන සමහර සිතුවිලි වෙනස් කරගත්තානම් හොඳයි කියලා.

මේ විශ්වය පිළිබඳ සරළවම කතා කලහොත්, මේ විශ්වය ත්‍රිමාණයි. කාල සීමාව අමතක කරන්න. එමෙන්ම චිත්‍රපටි සිද්ධාන්තයන් (film theory) දන්න අයත් ඔය කාරණයන් අමතක කරන්න.

මේ විශ්වයේ නිර්මාණය වෙලා තියෙන සෑම දෙයකටම උසක්, පළලක් සහ ගැඹුරක් තිබෙනවා. අපිට මෙම ත්‍රිමාණත්වය දකින්න අපේ මොළයට වඩාත්ම වැදගත් වෙන්නේ උස සහ පළලට වඩා ගැඹුරයි. යම්කිසි වස්තුවක ගැඹුරක් දැකිය හැකිනම්, යම් කිසි වස්තුවක පිටට නෙරීමක් දකින්න හැකිනම්, එසේත් නොමැතිනම් යම් කිසි වස්තුවක ඇතුලට නෙරීමක්/ එබීමක් දක්නට ලාබෙයිනම් අපි සිතන්නේ ඒ දෙය ත්‍රිමාණයි යනුවෙනි. මෙම ත්‍රිමාණත්වය පැහැදිලි කරන්නට පෙර මෙය කොටස් දෙකකට වෙන් කල යුතුයි.. එවිට ඔබට එය තේරුම් ගැනීමට පහසුවක් වනු ඇත.
  1.  Monocular Cues (එක් ඇහැක් පමණක් භාවිතා කරමින් ලබා ගන්නා ත්‍රිමාණත්වය)
  2.  Binocular Cues (ඇස් දෙකම භාවිතා කරමින් ලබා ගන්නා ත්‍රිමාණත්වය)
ඉහත දක්වා ඇති කොටස් දෙකෙන් ප්‍රථමයෙන්ම අප කතා කරනුයේ එක් ඇසක් පමණක් භාවිතා කරමින් ලබාගන්නා ත්‍රිමාණත්වයේ දැනුම කෙසේදැයි යනුවෙන්. මෙම එක් ඇසක් මඟින් පමණක් බලා මේ ලෝකයෙහි ත්‍රිමාණත්වය පිළිබඳව තේරුම් ගැනීමට තව කොටස් කිහිපයක් එයට සම්බන්ධ වනු ඇත. මෙම කාරණය තේරුම් ගැනීමට මෙය තවත් කොටස් කිහිපයකට බෙදාගෙනම මේ පිළිබඳව කතාකරමු.


මුලින්ම, ඔබ ඈතින් ඇති කඳුවැටියක් පෙනෙන තැනකට ගියහොත් ඔබට හිතාගන්න පුලුවන් එම කඳුවැටියේ ඇති කඳු පිහිටා ඇති ස්ථාන පිළිබඳව. ඒ "අර කන්ද ඈතින් තියෙන්නේ, අනිත් කන්ද ලඟින් තියෙන්නේ" වැනි අයුරින්. අපි මේ පිළිබඳව දැනගන්නේ කෙසේද? අපට එක ඇහැක් භාවිතා කර එය පවසන්නට හැකියි. අපට කඳු දෙකක් අතර ඇති දුර දෙස බලා තීරණය කරන්නට පුලුවන් එය තරමක් දුරින් හෝ ලඟින් ඇති බවට. එයට අප මීදුම් ගතිය, පැහැදිලි දර්ශණයක් නොමැතිවීම, අදාල වස්තුවෙහි විස්තර හරිහැටි නොපෙනීම යන කාරණා නිසා අපට "අර කන්ද ඈතින් තියෙන්නේ, අනිත් කන්ද ලඟින් තියෙන්නේ" යනුවෙන් කියන්නට හැකියාවක් ඇත.  මේ ත්‍රිමාණත්වය හඳුනා ගත හැකි එක් කාරණයක්.

දෙවෙනි කාරණය වනුයේ, වස්තූන් එකිනෙක මත කැපීම නිසා එසේත් නොමැතිනම් Overlap (ඕවර්ලැප්) වීම නිසා ලබාගන්නා දැනුමයි. උදාහරණයක් වශයෙන් ඔබ පත්තර පිටුවක් ගෙන එම පිටුව ඉඳිරියෙන් ඔබේ අතක් තබා යම්කෙනෙකුගෙන් ඇසුවොහොත් ඔබේ අත තිබෙන්නේ කොහෙදැයි කියා එම පුද්ගලයා පවසනුයේ පත්තර පිටුවට ඉඳිරියෙන් ඔබේ අත ඇතිබවටයි. එමෙනම් පත්තර පිටුවට පිටුපසින් ඔබේ අත තබා දැන් අත තිබෙන්නේ කොහැදැයි ඇසුවොත් එම පුද්ගලයා කියනුයේ පත්තර පිටුවට පිටුපසින් යනුවෙනි. මෙම ඕවර්ලැප් වීම මත වස්තූන් අතර දුරක් තිබීම, වස්තූන් එකිනෙක මත තිබෙනවා යනුවෙන් අපට තීරණය කරන්නට හැකියි. එම නිසා මෙම ඕවර්ලැප් වීමද එක් ඇසකින් බලා ත්‍රිමාණත්වය හඳුනාගැනීමේ එක් කාරණයක්.

 http://ic.pics.livejournal.com/crimsonarteach/16425313/413/413_original.jpg
තෙවනි කාරණය වනුයේ, Perspective (පර්ස්පෙක්ටිව්) යි. මෙය විස්තර කරනවාට වඩා උදාහරණයක් ගෙන පැහැදිලි කලහොත් ඔබට එය තේරුම් ගැනීමට පහසු වනු ඇත. අප උදාහරණයක් වශයෙන් රේල් පාරක් අසලට ගියපුවිට තේරෙන දෙයක් තමයි රේල් පාර ඈතට වෙන්න වෙන්නම පීලි දෙක ලංවනු බව. එමෙනම් විශාල ගොඩනැගිල්ලක් අසලට ගොස් ඉහළ බැලූ විට ඔබට දැකගන්න ලැබෙනුයේ ඉහළට වෙන්න වෙන්නම එය කුඩා වනු බවයි. මොළය මෙම පර්ස්පෙක්ටිව් යන ගතිය භාවිතා කරමින් දැනගනු ලබනවා එහි දුරක් සහ ගැඹුරක් ඇති බවට. මෙයද එක් ඇසකින් බලා ත්‍රිමාණත්වය හඳුනාගැනීමේ එක කරුණක්.

හතරවෙනි කරුණ වෙනුයේ, ආලෝකය සහ අඳුර නැතිනම් ආලෝකය සහ සෙවනැල්ල (Lighting and Shading) යන්නයි. මෙම කාරණා දෙක දැනගැනීම මත අපට එම වස්තුව ත්‍රිමාණද නැද්ද යනුවෙන් පැවසියි හැකියි. උදාහරණයක් වශයෙන් ඉහතින් දක්වා ඇති බෝලය ඔබට පෙනෙනුයේ 3D (ත්‍රිමාණ) වශයෙනි. එවිට වැදගත් වනුයේ ආලෝකය සහ අඳුර යන්නයි. මෙයද එක් ඇසකින් බලා ත්‍රිමාණත්වය හඳුනාගැනීමට උදව් වෙන එක් කාරණයක් වනු ඇත.

 
පස්වෙනි කාරණය වනුයේ, යම්කිසි වස්තුවක පිහිටනු ලබන රේඛාවලින් අපට කියන්නට හැකියාවක් තිබෙනවා එම වස්තුව පිටට නෙරා ඇති වස්තුවක්ද, ඇතුලට නෙරා ඇති වස්තුවක්ද යනුවෙන්. මෙය ඉංග්‍රීසි භාෂාවෙන් Curvilinear Perspective (කර්විලිනිර් පර්ස්පෙක්ටිව්) යනුවෙන් හඳුන්වනු ලබනවා. මෙයත් අපට එක ඇහැක් පමණක් භාවිතා කර ත්‍රිමාණත්වය තේරුම් ගතහැකි කරුණක්.

හයවෙනි කාරණය වනුයේ, ඇසකින් බලා ගනු ලබන දැනුමෙහි Accommodation (එකමඩේෂන්) යන්නයි. මෙය ටිකක් අමුතු දෙයක්. හේතුව, මෙය ආලෝකය භාවිතා කර ලබාගනු ලබන දෙයකට වඩා ඇසේ කාචය සම්භන්ධ පේෂීන් චලනය වීම මඟින් මොළය තීරණයක් ගනු ලබනවා එම වස්තුව තිබෙන්නේ දුරද නැත්නම් ලඟකද යනුවෙන්. උදාහරණයක් වශයෙන් ගතහොත් ඔබගේ අතෙහි ඇඟිල්ලක් ඔබේ ඇස ලඟටම වාගේ ලංකර බැලුවහොත් ඔබට හරියාකාරවම ඇඟිල්ල දැකගැනීමට වෙහෙසීමට පත්වන්නට සිඳුවනු ඇත. එම සිඳුවීම මොළයට සංකීර්ණ වැඩි වනු ඇත. එම සිඳුවීමට වඩා ඔබේ ඇඟිල්ල ඈතට කර බැලුවහොත්, එය පහසුවෙන්ම මෙම පේෂී මත තියෙන චලනයන්ගෙන් කෙතරම් දුරක ඔබේ ඇඟිල්ල තිබෙන්නේදැයි මොළය තේරුම් ගනු ලබනවා. මෙම ආකාරයටත් එක් ඇසක් පමණක් භාවිතා කර ත්‍රිමාණ ලක්ෂණයක් හඳුනා ගත හැකියි.
The young human eye can change focus from distance (infinity) to 7cm from the eye in 350 milliseconds.

හත්වෙනි කාරණය පෙර දක්වා ඇති ඒවාට වඩා ටිකක් සංකීර්ණයි. මෙම කාරණය හඳුන්වනු ලබන්නේ Motion Parallax (මෝෂන් පැරලක්ස්) යනුවෙන්. මෙම මෝෂන් පැරලක්ස් යන්න දැනුම ලබාගන්නේද එක් ඇසක් භාවිතා කිරීම මඟින්. එය තවදුරටත් පැහැදිලි කරනවානම්, උදාහරණයකට ඔබ බස් රථයක, කෝච්චියක යන විට, ඔබ වීදුරුව අයින්නේ සිටිනවානම් ඔබට පේනවා ඒ අසල ඇති ගොඩනැගිලි, ගස් වර්ග වේගයෙන් පිටුපසට ගමන් කරනවා. එමෙන්ම එයට ටිකක් ඈතට වෙන්න ඇති තව වස්තූන් ලඟ ඇති වස්තූන් වලට වඩා තරමක් මන්දගාමීව ගමන් කරන අයුරු. එමෙන්ම ඈතින් පිහිටා ඇති කඳු හෝ අනෙකුත් වස්තූන් පිටුපසට ගමන් කරන්නේ ඉතාම සෙමින් බව ඔබට දක්නට ලැබී ඇත. එවිට ඒ අනුව අපගේ මොළය තීරණය කරනු ලබනවා ඇසේ චලනය මත ලඟින් ඇති වස්තූන් මොනවාද, දුරින් ඇති වස්තූන් මොනවාද යනුවෙන්.  හේතුව ලඟින් ඇති වස්තූන් වල ගැටෙන ඇසේ චලනය වැඩියි. උදාහරණයක් වශයෙන් පහළ දී ඇති පින්තූරය බලන්න.

මෙම පින්තූරයේ 'A' යන ස්ථානයේ සිට බැලුවහොත් පෙනෙනු ලබන්නේ 'නිල් පැහැති' පසුබිමයි.  'B' ස්ථානයේ සිට බැලුවහොත් පෙනෙනුයේ 'රතු පැහැති' පසුබිමයි. ඔබ හිතන්න දැන් කහපාටින් දැක්වෙන තරුව රතු, සුදු, නිල් පසුබිම් අසලට ගෙන යන බවට. අප සිටින තැන වෙනස් නොකර 'A' ස්ථානයේ සිට බැලුවහොත් ඔබට 'නිල් පැහැති' පසුබිම නොපෙනෙනවා විය හැක. එහෙනම් 'B' ස්ථානයේ සිට බැලුවහොත් ඔබට 'රතු පැහැති' පසුබිම නොපෙනෙනවා විය හැක. එයින් අදහස් වනුයේ ඇසට ලඟින් ඇති වස්තූන්ගේ මෝෂන් පැරලක්ස් අගය අඩු බවයි. එමෙන්ම ඇසට ඈත් ඇති වස්තූන්ගේ මෝෂන් පැරලස් අගය වැඩි බවයි. ඒ අනුව අපගේ මොළය තේරුම් ගනු ලබනවා අපේ චලනය මත මෙම වස්තූන් ඇසට ලඟින් හෝ දුරින් පිහිටා ඇති බවට. 

අන්තර්ජාලය තුලින් දැනගත් අයුරින්, ලේන්නු වැනි සමහර සත්ත්වයින් එකම ස්තානයේ සිට එහාට මෙහාට පනිමින් ඔවුන් බලනුයේ, මෙම මෝෂන් පැරලස් එක ගැනයි. මිනිසුන්ට වඩා වැඩි දැනුමක් සත්ත්වයින්ට මෙම වස්තූන්ගේ දුර සහ ලඟ පිළිබඳව ලබා ගත හැක.
මෙම එක් ඇසක් පමණක් භාවිතා කරමින් දැනුම ලබාගන්නෙහි අටවෙනි කාරණය වනුයේ,  Kinetic Depth (කයිනටික් ඩෙප්ත්) යන්නයි. මෝෂන් පැරලස් එකෙහිදී චලනය විය යුත්තේ අපියි. මෙම කයිටනික් ඩෙප්ත් හීදී අප චලනය වීම උවමනා නොවේ. එක් ඇසකින් බැලුවත්, වස්තුව චලනය වීම නිසා එයට වැටෙන එලිය නිසාවෙන් මෙම වස්තූන්ගේ හැඩය තීරණය කරනු ලබනවා. මෙම කයිනටික් ඩෙප්ත් බොහෝ දුරට භාවිතා කරනුයේ වස්තූන්ගේ හැඩය බලාගැනීමටයි. උදාහරණයක් ගෙන හැර පෑමට පෙර මෙම පහතින් දක්වා ඇති වීඩියෝව නරඹන්න.



මෙම වීඩියෝව ඔබට මායාවක් වශයෙන් දිස්විය හැක. එයින් අදහස් වනුයේ ඇතුලට නෙරා ඇති අවස්ථාවන් පිටට නෙරා ඇත්තාක් මෙන් මෙම කයිනටික් ඩෙප්ත් යන්නෙහිදී පෙන්වනු ලබනවා.

එක් ඇසක් භාවිතා කර ලබාගන්නා දැනුම පිළිබඳ කිවයුතුම මූලික කාරණා කිහිපය අවසන්. මීළඟට, ඇස් දෙකම භාවිතා කරමින් ලබා ගන්නා දැනුමෙන් මොළය වස්තුවන්ගේ ත්‍රිමාණත්වය තීරණය කරන්නේ කෙසේදැයි බලමු.

මෙහිදී මූලික වනුයේ Stereo-psis (ස්ටෙරීඔෆ්සිස්) යන කාරණාවයි. ඇස් දෙක මඟින් ලබාගන්නා දැනුමෙන් ප්‍රධාන වනුයේ මෙයයි. මෙය මෙලෙස හැඳින්විය හැකියි. උදාහරණයකට පහත දක්වා ඇති වීඩියෝව බලන්න.



අපට වස්තුවක් යම් දුරකින් තබා එක් ඇසක් වරකට වසා අනිත් ඇස තවත් වරක වසා බැලුවහොත් එම වස්තුවේ පිහිටීම ඔබට පෙනෙනුයේ ස්තාන දෙකකදීයි. මෙම ගතිය ඇඟිල්ල ඇසට ලංකරන විටදී සහ ඇඟිල්ල ඇසෙන් ඈත් කරන විටදීද වෙනස් වනු ලබනවා. එමෙන්ම මෝෂන් පැරලස් හි සේම මෙහිදීද ඇඟිල්ල දුරස් වීමේදී ඇඟිල්ල පේන ගතිය අඩුබවකුත්, ලඟට ගන්නා විට ඇඟිල්ල පේන ගතිය වැඩිබවකුත් දක්නට හැකියි.

එමෙන්ම, ස්ටෙරීඔෆ්සීස්හි තවත් කාරණයක් වනුයේ පහතින් දක්වා ඇති පින්තූරය ආකාරයට ඔබ අත් දෙක තබාගත්තහොත්, ඔබ වම් ඇස වසාගත්තහොත් ඔබට පෙනෙනුයේ දකුණු අතේ පිටි පෘෂ්ඨිය පමණයි. ඔබට වම් අතේ පිටි පෘෂ්ඨිය පෙනීමේ සම්භාවිතාවය ඉතාමත් අඩුයි. එමෙන්ම, ඔබ දකුණු ඇස වසාගත්තහොත් ඔබට වම් අතේ පිටි පෘෂ්ඨිය හොඳින් දිස්වෙන අතර දකුණු අතේ පිටි පෘෂ්ඨිය පෙනීමේ සම්භාවිතාවය ඉතාමත් අඩුය.



මෙම අත්දෙක එකට එකතු කර තිබෙන විට මොළය විසින් තොරතුරු බොහෝ වශයෙන් ලබාගනු ලබනවා. මෙය ඇස් දෙකෙන් ලබාගන්නේ පින්තූරයන් දෙකක් විදිහට. මෙම පින්තූර දෙක මොළය දකින්නේ පැතිකඩවල් දෙකකින් ලබාගත්තාක් සේයි. එවිට, මෙම පින්තූර දෙක මොළයට ගොස් එහිදී මොළය විසින් මෙහි හැඩය, ගැඹුර සහ තවත් නොයෙකුත් විස්තර පිළිබඳව ක්‍රියාකාරී වී අවසානයේ ඔබට මෙම ත්‍රිමාණ රූපය පෙන්වනු ලබනවා. මෙම සිද්ධාන්තය ත්‍රිමාණව දැකීමේදී බෙහෙවින්ම වැදගත් වන දෙයක්. අනික් දේ වනුයේ, ඔබේ දෑස් වලින් ත්‍රිමාණ රූප බලන විට, ඇසේ අපි සාමාණ්‍යය ව්‍යවහාරයේදී පවසන අයුරින් 'ඇස් දෙකේ බෝල' චලනය වීමක් අවශ්‍ය වෙනවා. උදාහරණයක් වශයෙන් ඔබගේ අතක ඇඟිල්ලක් ඇස් දෙක ලඟටම වාගේ ගත් විට ඇස් දෙකෙහි බෝල ලංවීමක් සිඳුවිය යුතුයි. එමෙන්ම එම ඇඟිල්ල ඉදිරියට එහෙමත් නැත්නම් ඈත් කරන විට ඇස් දෙකෙහි බෝල නැවත සාමාණ්‍යය තිබුන තත්වයට පත්විය යුතුයි. එවිට පේෂීන් වල පිහිටීමට අනුව මොළය හඳුනාගනු ලබනවා මෙම වස්තුට ඇසට ලඟින් හෝ දුරින් පිහිටා ඇති බවට.

ඇස් දෙකක් හිමි අප මෙම ලෝකය සත්‍ය වශයෙන්ම දකින්නේ ත්‍රිමාණවයි. වැඩුණු මිනිසෙකුගේ ඇස් දෙක හොඳ දර්ශණයක් තිබෙනවානම්, එම පුද්ගලයාට අංශක 200ක පමණ පරාසයක් පෙනෙනු ලබනවා. එක් ඇසකින් පෙනෙන්නේ අංශක 95ක පමණ පැතිකඩක් පමණයි. පහළ පින්තූරයේ රේඛා දෙකකින් පෙන්වා ඇති ආකාරයටයි එක් ඇසකින් ඔබට දර්ශණයන් ලැබෙන්නේ.


ඒ වගේම පුද්ගලයෙකුගේ දෑස් වලට නැතිනම් ඇස් දෙකට පෙනෙන්නේ අංශක 120ක පමණ පරතරයක් පමණක් බවටයි පැවසෙන්නේ. පුළුල් පරාසයකනම් අංශක 200ක් පමණත්, දෑස් වලට පෙනෙනුයේ අංශක 120ක පමණ ප්‍රමාණයක්. අපි දන්න දැනුම භාවිතා කලහොත් මෙම අංශක 120 තුල ප්‍රමාණයේ පමණයි අපට ත්‍රිමාණ දර්ශණයන් ලැබෙන්නේ. ඇස් දෙකෙහිම තොරතුරු ගලායන්නේ එම කොටසින් පමණයි. එයත් දුරස් වීමේඳී අඩු තත්වයකට පත්වෙනවා මුල් කාරණා පිළිබඳ සැලකිල්ලක් දක්වන විට. එවිට සැබවින්ම මෙම ත්‍රිමාණ රූප පෙනෙනුයේ අප ඉඳිරියේ තිබෙන ඉතා කුඩා පරාසයක පමණයි.

මෙය මා විසින් ඔබට ගෙන එන මාගේ අන්තිම තර්කයයි. අප සැබවින්ම මේ විශ්වය දකින්නේ සැබෑ ත්‍රිමාණත්වයෙන්ද? මට හැඟෙන අයුරින් නැහැ. අප මෙම දකින් ත්‍රිමාණත්වය සැදී තිබෙන්නේ තුනී ද්විමාන (2D) රූපරාමු දෙකක් ඇසට ඇතුලු වීම මඟින් වගේම මුල් කාරණා කිහිපය නිසයි. කෙනෙක්ට එවිට ප්‍රශ්ණයක් මතුවෙන්න පුලුවන් 'කොහොමද ද්විමාන පින්තූර දෙකකින් ත්‍රිමාණත්වයක් ගොඩනැගෙන්නේ?' කියලා. මට හැඟෙන අයුරින් ත්‍රිමාණත්වයෙහි සැබෑ ගැඹුර නොවෙයි අපි මේ දකින්නේ. අපි දකින දෙය මිත්‍යාවක්/මායාවක් වගේ දෙයක්. අපේ මොළයෙහි තැන්පත්ව ඇති අත්දැකීම් සංකලනය කරමින් මොළය පෙන්වා දෙනවා මෙම වස්තූන් සමඟ තිබෙන ගැඹුර. එනම් අවසානයට කියන්නට තිබෙන්නේ අප මේ දකින්නේ සැබෑ ත්‍රිමාණත්වය නොවෙයි.

පහතින් මම මේ පිළිබඳව විස්තර සොයාගත් වෙබ් අඩවි කිහිපයක සබැඳියන් ලබාදී තිබෙනවා. අවශ්‍ය අයට පුලුවන් එම සබැඳි භාවිතා කරමින් තවදුරටත් විස්තර එක්රැස් කරගන්නට. ඒ වාගේම, YouTubeහි මේ පිළිබඳව වීඩියෝ බොහෝ ප්‍රමාණයක් තිබෙනවා. මේ පිළිබඳව කළ අත්හදා බැලීම් රාශියක්ම තිබෙනවා. ඒවාද මේ පිළිබඳව ඇල්මක් දක්වන අයට නරඹන්නට හැකියි.


Aerial perspective
 • Link 1
 • Link 2

Curvilinear perspective
 • Link 1

Texture gradient
 • Link 1

Light and shade
 • Link 1

Depth of field
 • Link 1

Vergence
 • Link 1

Human Field of view
 • Link 1
 • Link 2

Do we see 2D or 3D
 • Link 1
 • Link 2

Rail road
 • Link 1

Pandora Discovered
 • Link 1

Parallax
 • Link 1

ඊලඟ ලිපියෙන් 3D TV එහෙමත් නැත්නම් ත්‍රිමාණ රූපවාහිනී කියන්නේ කුමක්ද, සැබවින්ම ත්‍රිමාණ රූපවාහිනියකින් ත්‍රිමාණ රූප පෙනෙනවද ආදී වශයෙන් ඔබට මේ ආකාරයෙන්ම ලිපියක් ගෙන එන්නම්.



 Is it Real or Fake 3D?
powered by - VideoKatha
w w w . s i r k i n a a . b l o g s p o t . c o m
#sirkinaa
Share on Google Plus

2 comments:

  1. අලුතෙන් ම හිතන්න පොළඹනපු හොඳ ලිපියක්.
    අනිවාර්යයෙන් ම ඔබේ ඊ ළඟ වියමන මටත් ටැග් කරන්න.

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන්ම තේනුවර සර්.
      බොහොම ස්තූතියි සහය දැක්වීමට.

      Delete

ඔබට මෙම ලිපිය පිළිබඳ හෝ වෙනත් කාරණයක් පිළිබඳ ගැටළුවක් ඇත්නම් මා හට දන්වන්න.