ඇන්ඩ්‍රොයිඩ් ලොලිපොප් ඔබේ දුරකථනයටත් ලැබෙනවාද බලාගන්න


අලුතින් මේ ගූගල් සමාගම විසින් නිපදවපුප ඇන්ඩ්‍රොයිඩ් ලොලිපොප් එහෙමත් නැත්නම් Android 5.0 Lollipop සංස්කරණය මගේ ජංගම දුරකථනයටත් ලැබෙයිද, මගේ ටැබ් එකටත් ලැබෙයිද, ලැබෙනවනම් කවදා වගේ ලැබෙයිද කියලා හිතන පිරිසක් මේ වෙද්දී බිහිවෙලා ඉන්නවා. සමහරවිට ඔබත් ඒ කොටසේ කෙනෙක් වෙන්න පුලුවන්. 


මේ ගැටළුව නිසාම ලිපියක් ආධාරයෙන් මොන උපකරණයටද මේ වෙද්දී ලොලිපොප් යාවත්කාලීන කිරීම ලැබෙන්නේ කියලා සටහන් වෙලා තියෙන නිසා ඒ උපකරණයන් ටික සඳහන් කරන්නම්. හැබැයි, මේවා වෙනස් වෙන්න පුලුවන් සමහරවිට. මේ ලිපිය දිගටම යාවත්කාලීන කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසා, ඔබටත් මීට අමතරව කුමක් හෝ උපකරණයක් ගැන දැනගන්න ලැබුනොත් මේ ලොලිපොප් සංස්කරණය ලබාදෙන, කරුණාකර අපටත් ඒ පිළිබඳව දැනුම් දෙන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිනවා. 

පහතින් දක්වා ඇත්තේ ලොලිපොප් සංස්කරණය මේ වනවිට ලැබේවියැයි කියනු ලබන උපකරණයන්.

Samsung (සැම්සුන්ග්)
තවමත් නිවැරදි ප්‍රතිචාරයක් සැම්සුන්ග් සමාගම විසින් නිකුත් කරලා නැහැ. ඒත් අපිට තියෙන එකම සාක්ෂිය තමයි මීට කලින් ඉඳිරිපත් කරපු Android 5.0 සංස්කරණයෙහි පෙර දැක්ම Samsung Galaxy S5 (සැම්සුන්ග් ගැලක්ස් S5) ජංගම දුරකථනය භාවිතා කරමින් සිඳුකරනු ලැබූ වීඩියෝව පමණයි. එම වීඩියෝව සහිත ලිපිය නැරඹීමට මෙතන ක්ලික් කරන්න. එම හේතුව නිසා දැනට අපට හිතන්න පුලුවන් මේ ගැලක්සි S5 දුරකථනයට මේ ලොලිපොප් යාවත්කාලීනය ලැබෙයි කියලා.
  • Galaxy S5

HTC
HTC ආයතනය විසින් නිවේදනයක් නිකුත් කරලා තියෙනවා Android Lollipop නිකුත් කරපු දවසේ ඉදන් දවස් 90ක් ඇතුලත HTC පාරිභෝගිකයන්ට ලොලිපොප් සංස්කරණය අත්විඳින්න ලබාදෙන බවට. අන්තර්ජාලයේ තිබෙන බොහොමයක් කරුණු කාරනා නිසා අපට කියන්න පුලුවන් මේ HTC දුරකථන වලට සේරටම කලින් මේ ලොලිපොප් යාවත්කාලීනය ලැබෙයි කියලා. පහතින් දක්වා ඇත්තේ HTC ආයතනය විසින් ලොලිපොප් සංස්කරණය ලබාදෙන බවට පැවසූ උපකරණයන්ය.
  • One (M8) – confirmed by HTC
  • One (M7) – confirmed by HTC
  • One (M7) Dual SIM
  • One (M8) Dual SIM
  • One Mini 2
  • One Mini – confirmed by HTC
  • One E8
  • One E8 Dual SIM
  • One Max
  • Butterfly S
  • Butterfly 2
  • Desire EYE
  • Desire 816
  • Desire 610

LG
LG සමාගම විසින් සැම්සුන්ග් සමාගම වගේම හරිහැටි උත්තරයක්නම් දීලා නැහැ. ඒත් මෙයාලගේ උපකරණයන් දෙකකට අලුත් සංස්කරණය ලැබෙයි කියලා තමයි ආරංචි මාර්ග වල හැටියටනම් හිතෙන්නේ.
  • G3
  • G2

Motorola
Nexus 6 පාරිභෝගිකයාට ඉඳිරිපත් කරපු ගමන්ම, මෝට්රෝලා සමාගම කිව්වා දැනට එයාලගේ අලුතින්ම ඇවිත් තියෙන හැම උපකරණයකටම මේ ලොලිපොප් සංස්කරණයේ යාවත්කාලීනය ලබාදෙනවා කියලා. පහත දක්වලා තියෙන්නේ මෝට්රෝලා සමාගම විසින්ම ලොලිපොප් යාවත්කාලීනය ලබාදෙනවා කියලා ස්ථීර කරපු උපකරණයනුයි.
  • Moto X (1st Gen. & 2nd Gen.)
  • Moto G (1st Gen. & 2nd Gen.)
  • Moto G with 4G LTE
  • Moto E
  • Droid Ultra, Droid Maxx, and Droid Mini

Nexus
අලුත් Nexus උපකරණයන් ගැන විස්තර නිකුත් කරාට පස්සේ, ගූගල් සමාගම තරයේ ප්‍රකාශ කරනු ලැබුවා Nexus 4 ඉදන් තියෙන හැම දුරකථනයකටම සහ ටැබ්ලට් උපකරණයකටම මේ ලොලිපොප් සංස්කරණය ලැබෙනවා කියලා. 
Nexus 4, 5, 7 (WiFi සහ LTE) සහ Nexus 10 යන උපකරණයන්ට ලොලිපොප් යාවත්කාලීනය ලබාදෙනවා කියලා ස්ථීර කරලා තියෙනවා වගේම Nexus 6 සහ Nexus 9 පාරිභෝගිකයාට මිළඳී ගන්න හැකි වෙන්නේ මේ ලොලිපොප් සංස්කරණය එක්කමයි. ඒවගේම ගූගල් සමාගම කියන විදිහට GPE හෑන්ඩ්සෙට් එකටත් සේරටම කලින් මේ යාවත්කාලීනය ලැබෙයි වගේ.


OnePlus
දැනට එක දුරකථනයක් තිබුනත්, ඒ දුරකථනයටත් මාස තුනක් ඇතුලත මේ ලොලිපොප් සංස්කරණය ලබාදෙනවා කියලයි මේ අය කියන්නේ.
  • OnePlus One

Sony
සෝනි සමාගම කියන විදිහටනම් Android 5.0 හැම Xperia Z (එක්ස්පීරියා Z) උපකරණයකටම ලබාදෙනවා. පහතින් දක්වා ඇති සියල්ලක්ම සෝනි සමාගම විසින් තහවුරු කරන ලැබූ උපකරණයන්ය.
  • Xperia Z3
  • Xperia Z3 Compact
  • Xperia Z3 Tablet Compact
  • Xperia Z3v
  • Xperia Z2
  • Xperia Z1
  • Xperia Z1 Compact
  • Xperia Z
  • Xperia Tablet Z
  • Xperia Z Ultra
  • Xperia ZL
  • Xperia ZR

Android One
Karbonn Sparkle V, Micromax Canvas A1 සහ Spice Dream Uno කියන උපකරණයන් තුනටත් ඉක්මනින්ම ලොලිපොප් සංස්කරණය ලැබේවි. මේ දුරකථන තුනට ලොලිපොප් යාවත්කාලීනය ලබාදෙනවා කියලා ගූගල් සමාගම විසින්ම තහවුරු කරලා තියෙනවා.
  • Karbonn Sparkle V
  • Micromax Canvas A1 
  • Spice Dream Uno
Android 5.0 Lollipop Quick Look! 


මේ ලැයිස්තුවට අලුතින් මේ ලොලිපොප් යාවත්කාලීනය ලැබෙනවා කියලා අහන්න ලැබෙන සෑම උපකරණක්ම එකතු කරනු ලබනවා. ඒ හන්දා ඔබේ දුරකථනයටත්, ටැබ්ලට් එකටත් මේ සංස්කරණය ලැබෙනවාද කියලා දැනගන්න දිගටම මේ පිටුවත් එක්ක රැඳිලා ඉන්න. ඔබට ලොලිපොප් ගැන ගැටළුවක් හෝ අපිට යම් දෙයක් ඒ පිළිබඳව කියන්න තියෙනවනම් පහළින් කමෙන්ටුවක් යොදා ඒ පිළිබඳව දන්වන්න.


Will my device receive Android Lollipop?
w w w . s i r k i n a a . b l o g s p o t . c o m
#sirkinaa
Share on Google Plus

2 comments:

ඔබට මෙම ලිපිය පිළිබඳ හෝ වෙනත් කාරණයක් පිළිබඳ ගැටළුවක් ඇත්නම් මා හට දන්වන්න.