How to Know If Samsung Galaxy Phone is Genuine or Fake/Cloned


සැම්සුන්ග් සමාගමේ සියලුම ගැලක්සි දුරකථන මාදිලියන්හි ක්‍රියාත්මක වන මෙහෙයුම් පද්ධතිය වනුයේ ඇන්ඩ්‍රොයිඩ්ය. ඇන්ඩ්‍රොයිඩ් යනු Open source (විවෘත මෘදුකාංග) ගනයට අයත් වන මෙහෙයුම් පද්ධතියක්. Open source එහෙමත් නැත්නම් විවෘත මෘදුකාංගයන් යනු කුමක්දැයි දැනගැනීමට පහත සඳහන් ලිපිය නරඹන්න.


මෙම ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය විවෘත මෘදුකාංගයක් වූ නිසා ඕනෑම කෙනෙකුට තමන්ට අවශ්‍යය කරනු ලබන උපකරණයකට ගැලපෙන අයුරින් කේතයන් වෙනස් කරගැනීමට හැකියාවත් ඇත. මේ හේතුව නිසා සමහරක් දුරකථන නිපදවන සමාගම් හෝ පුද්ගලයන් මෙය තමන්ගේ වාසියක් බවට හරවා ගනු ලැබේ. ඒ, ජනප්‍රියතාවයෙන් ඉහළ ඇති දුරකථනයන් හා සමානව ඔවුන් නිර්මාණය කරනු ලබන බාල/දුර්වල දුරකථනයන්ට එම මෘදුකාංගයන් යොදා අඩු මුදලකට විකුණා ඔවුන් මුදල් හම්බකරගනු ලබයි. ඉතාමත් අඩු මිළ මට්ටමකට මෙම දුරකථනයන් විකුණනු ලබන නිසා බොහෝමයක් පාරිභෝගිකයන් මෙම මිළ මට්ටම සැලකිල්ලකට ගෙන එම දුරකථන මිළඳී ගැනීමක් සිඳු කරනු ලබයි. නමුත් එම දුරකථන වල ඇති දුර්වලතාවයන් ගැන ඔවුන්ට කිසිම දැනීමක් නොමැත. 

මෙම ලිපිය මඟින් සැම්සුන්ග් ගැලක්සි ජංගම දුරකථන මාදිලිය සැම්සුන්ග් සමාගම විසින් නිපදවනු ලද original එසේත් නොමැතිනම් මූලික පිටපතක්ද, එසේත් නොමැතිනම් වෙනත් සමාගමක් හෝ පුද්ගලයෙක් විසින් නිපදවනු ලද බොරු/බාල දුරකථනයක්ද යන වග දැනගත හැකි ක්‍රම කිහිපයක් ඔබට දැනගන්නට හැකියාවක් ලැබෙනු ඇත.

බොහෝ ව්‍යාජ දුරකථන් සමඟින් මූලික පිටපතක් සංසන්දනය කර බලන විට පිටතින්ම එය මූලික පිටපතක්ද නැතිනම් ව්‍යාජ පිටපතක්ද යන්න තේරුම් ගැනීමට හැක. ඔබ භාවිතා කරන්නේ කුමන සැම්සුන්ග් ගැලක්සි දුරකථනයක් වූවත්, එහි ඇති යම් පිටතට පෙනෙන්නට තිබෙන කාරණා මඟින් පහසුවෙන්ම ව්‍යාජ පිටපත් වෙන් කර හඳුනා ගැනීමට හැකියාවත් ඇත.

මෙම පහත පින්තූරයෙන් දක්වා ඇති කරුණු සියලුම ගැලක්සි දුරකථනයන්ට පොදු ලක්ෂණයන් වනු ඇත. ඒ මඟින් ඔබට සරල නිගමනයකට එලෙබීමට හැකියාවක් ලැබේ.

01. දුරකථනයේ තිරයෙහි දීප්තිමත් බව (brightness) සහ vibrate භාවය පිළිබඳ සැලකිලිමත් වෙන්න. සැම්සුන්ග් සමාගම විසින් ගැලක්සි දුරකථනයන්ට යොදවනු ලබන AMLOED තිරයන්හි ඇත්තේ අපගේ ඇසට ප්‍රියමනාප පෙනුමක් ඇති පැහැයන්ය. ස්වාභාවික වර්ණයන් මෙම තිරයන්ට පෙන්වන්නට හැකියාවක් ඇත. එමෙන්ම, එහි ඇති වයිබ්‍රේට් තත්වය ඉතාමත් සියුම් එකකි. නමුත්, ව්‍යාජ දුරකථනයන් වල තිරයෙහි ඇත්තේ තද සුදු පැහයකි. එය තිරය වසා දමනු ලැබූවත් යාන්තමින් දක්නට ලැබේ. නමුත්, ඔරිජිනල් ගැලක්සි දුරකථනයක තිරය වසා දැමුවහොත් එසේ කිසිම අයුරකින් කිසිම පැහයක් නොපෙන්වනු ලබන අතර තනිකරම කලු පැහැති තිරයක් පමණක් දිස්වෙයි. දීප්තියේද අඩුවක් දක්නට ලැබෙනු ඇත. එමෙන්ම ව්‍යාජ දුරකථයන් වල වයිබ්‍රේට් තත්වය ඉතාමත් ඉහළ අගයක් ගනු ලැබේ. කිසිම සියුම් ගතියක් නොමැත.

02. දුරකථනයේ තිරයෙහි දෙපැත්තෙහි ඇති දාරයෙහි පරතරය පිළිබඳ සැලකිලිමත් වෙන්න. ව්‍යාජ දුරකථනයන් වල තිරයේ සිට දුරකථනයේ අවසන් දාරයට ඇති පරතරය වැඩිවනු ඇත.

03. ඉදිරිපස ඇති SAMSUNG සන්නායක නාමය (logo) මත ඔබගේ ඇඟිල්ල ගෙන යන්න. ව්‍යාජ දුරකථනයන් වල ඇති සැම්සුන්ග් සන්නායක නාමය ඔබගේ ඇඟිල්ලට ඉදිරියට නෙරා පැමිණ ඇති බවක් දැනෙන්නට ඇත. ඔරිජිනල් දුරකතනයන් වල එසේ සන්නායක නාමය ඔබේ ඇඟිල්ලට දැනෙන්නේ නොමැත. එසේ ඇඟිල්ලට දැනෙන සන්නායක නාම ඇති ව්‍යාජ දුරකථනයන්වල ඇති එම නාමය පහසුවෙන් ගලවා ඉවත් කරන්නටද හැකියි.

04. දුරකථනයෙන් පිටත ඇති බොත්තම පිළිබඳ සැලකිලිමත් වෙන්න. Home, Power, Volume button පිළිබඳ සැලකිල්ලක් දැක්වූ විට ඒවාගේ ප්‍රමිතිය සහ තිබිය යුතු ස්ථානයන් ව්‍යාජ දුරකතනයන් වල වෙනස්ව දක්නට ඇත. ඉහත පින්තූරයේ දක්වා ඇති අයුරින්ම, එම බොත්තම් වල හැඩය, ප්‍රමාණය වෙනස් වනු ඇත.

05. දුරකථනයෙහි ඇති සෙන්සර් (sensors) පිළිබඳවද අවධානය යොමු කරන්න. ව්‍යාජ දුරකථනයන් වල සමහරක් සෙන්සර් දක්නට නොලැබෙන අතර, සෙන්සර් තිබේනම් ඒවා ඇති ස්ථානයන් වෙනස් වනු ඇත. 

06. තිරය පිළිබඳව සැලකිල්ලක් දක්වන්න. තිරය මත ඔබගේ ඇඟිල්ල රැගෙන යන විට එය වීදුරුවක් අයුරින් නොව ප්ලාස්ටික් තිරයක් මෙන් දැනෙනාවනම් එය ව්‍යාජ දුරකථනයකි. බොහෝ දුරට මෙම ව්‍යාජ දුරකථනයන් වල තිරය මත ඇඟිල්ල යම්තාක් බරක් යොදා තද කරනු ලැබූ විට එම තිරය දුරකථනය තුලට එබෙන බව ඔබට දැනෙනු ඇත.

ක්‍රියාකාරිත්වය අනුව ව්‍යාජ ගැලක්සි දුරකථනයක්ද වග දැනගන්න.

සමහර ව්‍යාජ ගැලක්සි දුරකථනයන් වල පිටතින් බලා එය ව්‍යාජ එකක්ද නැතිනම් මූලික පිටපතක්ද යන වග තේරුම් ගැනීමට අපහසුතාවයක් ඇතිවනු ඇත. කෙසේ වූවත්, දුරකථනයේ ක්‍රියාකාරිත්වය (performance) පිළිබඳව අවධානයක් යොමු කල විට, ව්‍යාජ දුරකථනයක්නම් දුරකථනයෙන් කිසිම වැඩක් කරගන්නට බැරි තරමට මන්දගාමී වනු ලබයි. පහත සඳහන් ඒවාද උත්සාහ කර බලන්න.

01. දුරකථනය තුල ඇති ඇප්ලිකේෂන් (applications) එකවර කිහිපයක්ම විවෘත කරන්න. Music player එක විවෘත කර ගීතයක් වාදනය වීමට ඉඩ හරින්න. ඉන්පසුව, එයින් පිටවෙන්නේ නැතිව Home button එක ඔබා එම ඇප්ලිකේෂන් එක ධාවනයට වන්නට ඉඩදී තවත් ඇප්ලිකේෂන් කිහිපයක්ම විවෘත කරන්න. කිසිදු ඇප්ලිකේෂන් එකකින් පිටනොවෙන්න. ඒ වෙනුවට Home button එක ඔබා අනිත් ඇප්ලිකේෂන් විවෘත කරන්න. ව්‍යාජ දුරකථනයක්නම් ඔබ ඇප්ලිකේෂන් හතරක් පමණ එකවර ක්‍රියාත්මක කරන විට එය මන්දගාමී වනු ඇත. නැතිනම් ක්‍රියාත්මක නොවී stuck වෙනු ඇත.


02. කැමරාව පිළිබඳ සැලකිලිමත් වන්න. පින්තූර කිහිපයක් දුරකථනයේ කැමරාව භාවිතා කර ලබාගන්න. කැමරාව විසින් පින්තූරයක් ලබාගැනීමට ගතවන කාලය පිළිබඳව සැලකිලිමත් වන්න. එකවර පින්තූර කිහිපයක් ගන්නා විට බොහෝ ව්‍යාජ දුරකථනයන් stuck වනු ඇත. එමෙන්ම ව්‍යාජ ගැලක්සි දුරකථනයන් වල පින්තූර වල ගුණාත්මකභාවය (quality) බොහෝසෙයින් අඩු මට්ටමක පවතියි. එමෙන්ම, කැමරාව විවෘත කර එහාට මෙහාට රැගෙන යන විට තිරයෙහි දක්නට ලැබෙන දර්ශනය කැඩි කැඩී සෙමින් ඔබට කැමරාව එහාට මෙහාට සොලවන විට දක්නට ලැබෙයිනම් එයද ව්‍යාජ දුරකථනයක් හදුනාගැනීමේ එක් ලක්ෂණයක් වනු ඇත.


03. බොහෝමයක් අලුතින් පැමිණෙනු ලැබූ ගැලක්සි දුරකථනයන් වල වීඩියෝ කරන අතරතුර පින්තූර ගැනීමේ හැකියාවක් පවතියි. නමුත් මෙම ව්‍යාජ දුරකථනයන් වල එම පහසුකම දක්නට නොලැබේ.


සැම්සුන්ග් කයිස් (Samsung Kies) භාවිතා කර අව්‍යාජ ගැලක්සි දුරකථන හඳුනා ගන්න

දැනට අව්‍යාජ එසේත් නොමැතිනම් ඔරිජිනල් ගැලක්සි දුරකථනයක් හඳුනා ගැනීමට ඇති පහසුම ක්‍රමයක් වන්නේ සැම්සුන්ග් කයිස් මෘදුකාංගය භාවිතා කිරීමයි. සැම්සුන්ග් කයිස් මෘදුකාංගය විසින් ඔබේ දුරකථනය පිළිබඳ විස්තර සොයා බලා අදාල දුරකථනය පිළිබඳ විස්තර ඔබගේ පරිගණක තිරය මත අදාල මෘදුකාංගය මඟින් පෙන්වනු ලබයි. ඔබේ දුරකථනය සැම්සුන්ග් කයිස් මඟින් හඳුනාගැනීමට පහත පියවරයන් අනුගමනය කරන්න:

01. Samsung Kies බාගත කරගෙන ඔබගේ පරිගණකයට ස්ථාපනය කරගන්න.


02. ඔබට ලැබී ඇති USB කේබලය භාවිතා කර, දුරකථනය පරිගණකයට සම්බන්ද කරන්න.


03. කයිස් විසින් ඔබගේ දුරකථනයෙහි නම සහ එහි ඇති මෘදුකාංගයන් පිළිබඳ තොරතුරු ඔබට දිස්කරනකම් මොහොතක් සිටින්න. එසේ තොරතුරු කයිස් විසින් ඔබට පෙන්වනු ලබයිනම් එය ඔරිජිනල් දුරකථනයක් යනුවෙන් අපට සැලකිය හැකියි.


04.  ඔබගේ දුරකථනය හඳුනා නොගත්තොත්, නැවත කේබලය ගලවා සවිකරන්න. කේබලයේ යම් පලුද්දක් ඇතිදැයි පරීක්ෂා කරන්න. එසේ කිසිවක් නොමැතිනම්, එම දුරකථනය ව්‍යාජ එකක් බව සැලකීමට හැක.


යෙදුම් මඟින් සැම්සුන්ග් ගැලක්සි දුරකථනයක් අව්‍යාජද යන්න සොයාගන්න

සැම්සුන්ග් ගැලක්සි දුරකථනයන් වලට වෙන්වූ කේතික යෙදවුම් (codes) කිහිපයක් ඇත. ඒවා මඟින් දුරකථනයේ යම් ක්‍රියාකාරකම් පරීක්ෂා කරන්නටද, දුරකථනයේ තොරතුරු දැනගන්නටද හැකියාවක් ඇත. ඔබට කරන්නට ඇත්තේ ඩයල් පෑඩ් (dial pad) එක මඟින් මෙම අංක ලබා දුන්විට ස්වයංක්‍රීයවම දුරකථනය විසින් එම කේත වලට ප්‍රතිචාර දක්වනු ලබයි. බොහෝ දුරට භාවිතා වන සැම්සුන්ග් කේත කිහිපියක් මෙහි දැක්වේ.

*#06# [Displays device IMEI number]
*#1234# [Displays device current firmware]
*#*#1472365#*#* [GPS test settings]
*#*#197328640#*#* [Service mode main menu]
*#*#4636#*#* [Diagnostic and general settings mode]
*#0*# [General Test Mode]
*#0228# [ADC Reading]
*#0283# [Audio Loopback Control]
*#0289# [Melody Test Mode]
*#03# [NAND Flash S/N]
*#0588# [Proximity Sensor Test Mode]
*#0589# [Light Sensor Test Mode]
*#0673# [Audio Test Mode]
*#07# [Test History]
*#0782# [Real Time Clock Test]
*#0842# [Vibra Motor Test Mode]
*#12580*369# [SW & HW Info]
*#1575# [GPS Control Menu]
*#2263# [RF Band Selection]
*#232331# [Bluetooth Test Mode]
*#232337# [Bluetooth Address]
*#232338# [WLAN MAC Address]
*#232339# [WLAN Test Mode]
*#2663# [TSP / TSK firmware update]

මෙම කේතයන් වල ප්‍රධානම කේතයන් කිහිපයක් පමණක් ව්‍යාජ දුරකථනයන් වල ක්‍රියාත්මක නොවේ. එම කේත ක්‍රියාතමක වන්නේ හුදෙක් අව්‍යාජ එසේත් නැතිනම් ඔරිජිනල් දුරකථනයන් වල පමණි.

01. ඔබගේ දුරකථනයේ LCD පරීක්ෂණික කේතය යොදවා බලන්න. ඒ සඳහා ඩයල් පෑඩ් එකෙහි *#0*# යන්න යොදන්න. එවිට පහත දක්වා ඇති පින්තූරයේ මෙන් ඔබගේ දුරකථනයේ එම මෙනුව පැමිණෙනවානම් ඔබේ දුරකථනය ඔරිජිනල් දුරකථනයක් ලෙස සැලකිය හැක. 


02. ඔබගේ දුරකථනයේ IMEI අංකය දිස්වන කේතය යොදවා බලන්න. ඒ සඳහා *#06# යන්න ඩයල් පෑඩ් එකෙහි සඳහන් කරන්න. එහි දැක්වෙන IMEI අංකය ඔබගේ දුරකථනයේ පිටුපස සඳහන්ව ඇති අංකයට සමාන විය යුතුය.

03. ඔබගේ දුරකථනයේ සංස්කරණය (version) කුමක්දැයි බලන්න. ඒ සඳහා, *#1234# යන්න ඩයල් පෑඩ් එකෙහි සඳහන් කරන්න. 

ඉහත සඳහන් ක්‍රම තුනම ඔබගේ දුරකථනයේ පෙන්වනු ලැබුවේ නැතිනම්, එයින් අදහස් වනුයේ එම දුරකථනය ව්‍යාජ දුරකථනයක් බවයි.

ඔබ සැලකිලිමිත් විය යුතු තවත් කරුණු කිහිපයක්

• බොහෝ විට ව්‍යාජ දුරකථනයන් වල ඇති ඇන්ඩ්‍රොයිඩ් සංස්කරණය දක්වන කොටසේ ඇති සංස්කරණ අංකය වෙනස් විය හැක. උදාහරණ වශයෙන් ගතහොත් Jellybean ඇන්ඩ්‍රොයිඩ් සංස්කරණය ගන්න. එහි අන්තිම සංස්කරණය වන්නේ 4.2.2 ය. නමුත් මෙම ව්‍යාජ දුරකථනයන් වල බොහෝවිට එය 4.2.6 වැනි අයුරින් පෙන්වනු ලබයි. නමුදු 4.2.6 යනුවෙන් සංස්කරණයක් ගූගල් සමාගම විසින් නිපදවා නොමැත.

• දුරකථනයෙහි මතක ධාරිතාවය (internal storage) 32GB වැනි අයුරකින් පෙන්වූවත් එය එසේ නොවේ. ඇත්තේ 5GB වලට වඩා අඩු මත ධාරිතාවයකි. එයිනුත් අපට ප්‍රයෝජනයට ගත හැකිවන්නේ 2GB වලටත් වඩා අඩු ධාරිතාවයකි.

• *#0*# යන කේතය අව්‍යාජ දුරකථනයන් වල පමණක් ක්‍රියාත්මක වූවාට, HDC නමින් නිර්මාණය කරනු ලබන ව්‍යාජ ජංගම දුරකථනයන් වල මෙම කේතය ක්‍රියාත්මක වනු ලබයි. එම නිසා, මෙම කේතය ක්‍රියාත්මක වන නිසාම එම දුරකථනය පිළිබඳව නිගමනයකට එලබීමෙන් වලකින්න. 

• එමෙන්ම, මෙම HDC නිර්මාණ කරුවන් made by Korea යනුවෙන් සඳහන් කරනු ලබනවා. ඒ පිළිබඳවද අවධානය යොමු කරන්න.

• සමහරක් ව්‍යාජ දුරකථනයන් වල IMEI අංකය නැරඹීමට ඇත්තේ වෙමන කේතයකි. එය මොඩමයක් මඟින් ව්‍යාජ දුරකථනයකට කේතාංගික කරනු ලැබූ එකකි. බොහෝවිට *#66# යනු එවැනි කේතයකි. මෙම කේතය මඟින් සමහර ව්‍යාජ දුරකථනයන් වල IMEI අංකය ලබා ගත හැක. නමුත්, ඔරිජිනල් දුරකථනයක IMEI අංකය ලබාගත හැක්කේ *#06# යන කේතයෙන් පමණි. එමෙන්ම ඔබට IMEI අංකයෙහි විස්තර පෙන්වනු ලබන වෙබ් අඩවියක් භාවිතා කර එම දුරකථනය පිළිබඳ තීරණයකට එලබීමට හැක. (http://www.imei.info/)

• ඔබට micro USB Jig උපකරණයක් මීලඳී ගැනීමට හෝ සොයාගැනීමට හැකියාවක් තිබේනම්, එය දුරකථනයට සම්බන්ද කල විට Downloading mod වලට දුරකථනය ස්වයංක්‍රීයවම ක්‍රියාත්මක වෙනවාදැයි බලන්න. එසේ ස්වයිංක්‍රීයවම downloading mod වලට දුරකථනය පිවිසුනහොත් එය ඔරිජිනල් දුරකථනයක් ලෙස සැලකිය හැක. (මෙම ජිග් එක තුල ඇත්තේ 300 K OHM ප්‍රතිරෝධකයකි(resistor). මයික්‍රෝ USB ජැක් එකක් ඔබ සතුව තිබෙනවානම් ඔබට මෙම jig එකක් නිර්මාණය කර ගත හැක. ඒ සඳහා දළ සැලසුමක් බැලීමට මෙතන ක්ලික් කරන්න).


• දුරකථනයේ ඉඳිරිපස නිරීක්ෂණය කර ව්‍යාජ දුරකථනයක්ද යන බව දැනගන්නවාක් මෙන්ම, පිටුපස කවරය ගලවා ඔරිජිනල් දුරකථනයක් සමඟ සංසන්දනය කර බැලීමෙන්ද එහි ඇති වෙනස්කම් නිසාවෙන් ව්‍යාජද, අව්‍යාජද යන බව සොයාගත හැක.

• ඔරිජිනල් කොරියන් දුරකථන වල model අංකය ආරම්භ වන්නේ SHV වලින්. Anycall දුරකථනයන් වලදී මෙය ආරම්භ වනුයේ SHW වලින්. නමුත් මෙම දුරකථනයන් දෙකේම model number එක අවසන් වෙන්නේ S, K හෝ L යන අක්ෂරයන් වලින්. ඔබට කොරියාවේ සිට වෙනත් රටක භාවිතයට ගැනීමට කොරියානු දුරකථනයන් ගෙන්වා ගැනීමට අවශ්‍යයනම් ඔබ කල යුත්තේ model number එක K අක්ෂරයෙන් අවසන් වන දුරකථනයක් ගෙන්වා ගැනීමයි (උදා: SHV-****K). නමුත් කොරියානු දුරකථනයන් වලට වඩා ඉක්මනින් ජාත්‍යන්තර (international) දුරකථනයන් වලට Updates/Firmware/Software ලැබෙනවා. ඔබ සැම්සුන්ග් දුරකථනයක් මිළඳී ගන්නට සිතනවානම් ජාත්‍යන්තර සංස්කරණයක් ඇති සැම්සුන්ග් දුරකථනයක් මිළඳී ගන්නවනාම් හොඳයි.

• ඩයල් පෑඩ් එක මත *#0*# යන්න සඳහන් කරන්න. එවිට ලැබෙන මෙනුවෙහි ඇති Sensor යන්න මත වරක් ටැප් කරන්න. ඉන්පසුව දකුණු පස උඩ කෙලවරෙහි ඇති Image test යන්න මත ටැප් කරන්න. එවිට Chihuahua සුනඛයෙක් ඔබට දැකගත හැකිනම් එයද ඔරිජිනල් දුරකථනයක් ලෙස සැලකිය හැක.


මේ පිළිබඳ ඔබ දන්නා කරුණුද එකතු කරන්න. මෙහි අඩුපාඩු ඇතිනම් ඒවාද මෙහි සඳහන් කරන්න.



සැම්සුන්ග් ගැලක්සි දුරකථනය ව්‍යාජ එකක්ද අව්‍යාජ එකක්ද යන්න දැනගන්න
w w w . s i r k i n a a . b l o g s p o t . c o m
#sirkinaa
Share on Google Plus

11 comments:

  1. Replies
    1. එලා. තෑන්කියු වේවා!

      Delete
  2. Replies
    1. එලා. තෑන්කියු වේවා!

      Delete
  3. Replies
    1. එලා. තෑන්කියු වේවා!

      Delete
  4. මචන් සුපර් Post එක ආ.
    මචන් අන්තිමට දාලා තියෙන 1කෙ Code 1ක *#0*# එක හඩපන් මචන්.
    දිගටම මේ වගේ Post ලියන්න. එල

    ReplyDelete
    Replies
    1. දැං දැක්කේ ඒක. එලා. තෑන්කියු වේවා!

      Delete
  5. This comment has been removed by the author.

    ReplyDelete
  6. ගොඩක් ස්තුතියි සහෝ

    ReplyDelete
  7. niyamayi ban deyak dana gahthaa

    ReplyDelete

ඔබට මෙම ලිපිය පිළිබඳ හෝ වෙනත් කාරණයක් පිළිබඳ ගැටළුවක් ඇත්නම් මා හට දන්වන්න.