කාල තරණය පුළුවන්ද? (Time Travel: Part 01)



අපිට බැරිවෙයිද අතීතයට ගිහින් අපෙන් සිදුවුන වැරදි නිවැරදි කරගන්න? එහෙමත් නැතිනම් අපිට බැරිවෙයිද අනාගතයට ගිහින් අනාගතයේ තියෙන තාක්ෂණය වර්තමානයට අරගෙන එන්න? අතීතයේ ඉදලම ‌බොහොමයක් පුද්ගලයන් මේ පිළිබඳව සිහින මවන්නැති. ඉතින් මේ ලිපියෙන් ඔබට කාල තරණය පිළිබඳ විස්තර ඉඳිරිපත් කරන්නයි අපේ බලාපොරොත්තුව. 

කාලතරණය පිළිබඳ අතීතයේ පටන්ම මිනිස්සු සිහින මැව්වා. මිනිස්සු හිතුවා කොහොමද මේ කාලයට අභියෝග කරන්නේ, එහෙමත් නැත්නම් කොහොමද මේ කාලය පරද්දවලා අතීතයට නැත්නම් වර්තමානයට යන්නේ වගේ දේවල් ගැන. මේ පිළිබඳව වර්තමානයේ පටන් අනාගතය වෙනතෙක්ම බොහෝමයක් දාර්ශනික මත විද්‍යානූකූලව කතාබහට ලක්වෙලා තියෙනවා. කතාබහට ලක්වෙමින් පවතිනවා. මෙහි ඉතාමත් ලොකු සන්ධිස්ථානයක් වෙන්නේ අයින්ස්ටයින් මහතා. ඒ ඔහුගේ සාපේක්ෂථාවාදය නිසාවෙන්. 

අයින්ස්ටයින්ට කලින් අපේ පැරණි උදවිය හිතාන හිටියේ මේ මුලු විශ්වයම පාලනය කරන්නේ එකම විදිහකට, එකම කාලයකට කියලා. නමුත් අයිනිස්ටයින් සාපේක්ෂවාදයෙන් පෙන්නුම් කරා ලෝකයේ තැනින් තැනට මේ කාලය ගලන එහෙමත් නැත්නම් කාලය ගමන් කරන විදිහ එකිනෙකට වෙනස් බව. ඒ් වගේම එතුමා මේකට බලපාන ප්‍රධාන කාරනා දෙකක් තියෙනවා කියලා සාපේක්ෂථාවාදයේදී පැහැදිලි කරනවා. 

එකක් තමයි ගුරුත්වය. මේ ගුරුත්වය ගලාගෙන යන විදිහ වෙනස් වෙනවා. ගුරුත්වය වැඩි තැනක අඩු තැනකට සාපේක්ෂව කාලයේ ගැලීයෑම අඩුවෙනවා. ඒ කියන්නේ ගුරුත්වය වැඩිවෙන තරමට මේ කාලය ගලාගෙන යන්න අපහසු වෙනවා. 

දෙවන කාරණය තමයි සාපේක්ෂ වේගය. යමකට සාපේක්ෂව යම් වස්තුවක් වේගයෙන් ගමන් කරනවානම් ඒ වස්තුවට සාපේක්ෂව කාලයේ ගැලීම සෙමින් අඩුවීමක් වෙනවා. එතකොට මුලින් කිව්ව වස්තුව ආලෝකයේ  ප්‍රවේගයට ගමන් කරද්දි කාලය සෙමින් අඩුවීමක් වෙලා ආලෝක ප්‍රවේගයට ආපු ගමන් කාලය නවතිනවා. නමුත් අපට කවදාවත් ආලෝකයේ ප්‍රවේගය ලබාගැනීමට හැකියාවක් ලැබෙන්නේ නැති වෙයි. 

මේ ගුරුත්වය සහ සාපේක්ෂ වේගය නිසා මේ මුළු ලෝකයේම තැනින් තැනට කාලය ගලාගෙන යන්නේ එකිනෙකට වෙනස් විදිහකටයි. මේ කාරණා දෙක පාවිච්චි කරලා අපිට පුලුවනි කාලය තරණය කරන්න. නමුත්, අනාගතය පමණයි. අතීතයට කාලය හරහා ගමන් කරන එක තරමක් ගැටළුකාරී වෙනවා. ඒකට හේතුව වෙන්නේ අතීතයට කාලය හරහා ගමන් කරන ඒක ගැන හිතනකොට ප්‍රශ්න කිහිපයක් පැනනගිනවා. මේ ගැටළු වලට Time Travelling Paradoxing කියලා කියනවා. Grand Father Paradox කියලා හරි අපූරු පැරඩොක්ස් වගයක් වර්ග වෙලා තියෙනවා. අපි ඒ පිළිබඳව අනෙක් කොටසින් කතා කරමු.

කෙසේවෙතත් මේ අනාගතයට කාලය හරහා ගමන් කරන එක කරන්න පුලුවන්. දැනට මේ ලෝකයේ අනාගතයට කාලය හරහා ගියපු පුද්ගලයන් ජීවත් වෙනවා. ‌ඒ පුද්ගලයන්ගෙන් කාලය හරහා ගිහින් වාර්තාවක් තියපු පුද්ගලයෙක් තමයි 'සර්ජි ක්‍රිකලෝ' (Sergei Krikalev). මොහු රුසියානු අජටාකාශගාමියෙක්. ඔහු කාලය හරහා තත්පර 0.02ක් තරණය කරලා තියෙනවා. ඉතාමත්ම කුඩා අගයක්. මේ තත්පර 0.02ක අනාගතයට කාලය හරහා ගමන් කරලා වාර්තාවක් තියන්න ඔහුට තවත් වාර්තාවක් තියන්න සිද්ධ වුනා. ඒ් තමයි වැඩිම කාලයක් පෘථිවියෙන් ඈත, එහෙමත් නැතිනම් අභ්‍යවකාශ ගතවෙලා ජීවත් වෙන එක. එහිදී ඔහුගේ වාර්තව වෙන්නේ දවස් 803යි පැය 09 යි විනාඩි 39ක කාලයක් අපිට සාපේක්ෂව වේගයෙන්  පුද්ගලයා අභ්‍යවකාශ ගතවෙලා ඉදලා තියෙනවා. මේ කාල පරාසයේ වැඩි කාලයක් ඔහු ගත කරනු ලැබුවේ ජාත්‍යන්තර අභ්‍යවකාශ පර්යේෂණ මධ්‍යයස්ථානයේ. මේ නිසාවෙන් තමයි ඔහුට හේතුපාදක වුනේ තත්පර 0.02ක කාලයක් අනාගතයට කාලය තරණය කරන්නත්. 

එතකොට මොකක්ද මෙතන වුනේ? කලින් පැහැදිලි කරපු විදිහට ගුරුත්වයෙන් සහ ‌වේගයෙන් බලපෑමක් කාලයට සිද්ධ වෙනවා. අපි හිතමු මේ නිසාවෙන් කාලයේ රිද්මය වෙනස් වෙනවා. ගුරුත්වය ඉතාමත් අධික තැනක් තියෙනවා. ඒ තමයි බ්ලැක් හෝල් කියලා අපි හදුන්වන තැන. ඒ කියන්නේ මේ කලු කුහරය මත එක් තත්පරයක් ගලාගෙන යනකොට අපේ පෘථිවියෙහි තත්පර දෙකක් ගලාගෙන යනවා. කලුකුහරයේ අවුරුද්දක් ගලාගෙන යනකොට අපේ පෘථිවේ අවුරුදු දෙකක් ගලාගෙන යනවා. කෙනෙකුට පුලුවුන්නම් කලුකුහරය ලගට ගිහින් අවුරුද්දක් ගත කරලා ආපහු පෘථිවියට එන්න, එතකොට ඒ පුද්ගලයාට අවුරුද්දක කාලයක් ගතවෙලා තිබුනත් පෘථිවි වාසී සියලුම දෙනාට අවුරුදු දෙකක් ගතවෙලා ඉවරයි. එහෙම බලනකොට එම පුද්ගලයා අපිට සාපේක්ෂව අවුරුද්දක් අනාගතයට කාලය හරහා ගිහින් තියෙනවා. මේක එක කාරණයක් විදිහට ගන්න පුලුවන් කාලය හරහා තරණය කරන එකට. 

අනිත් කාරණය තමයි අපිට සාපේක්ෂව වේගයෙන් ගමන් කරන එක. ඒ කියන්නේ අපි හිතමු පුද්ගලයෙක් රොකට්ටුවක නැගලා ඉතාමත් අධික වේගයෙන් ගමන් කරනවා කියලා. එතකොට මේ වේගයෙන් ගමන් කරනකොට ආලෝකයේ ප්‍රවේගයට ලගාවුනොත් ඒ රොකට්ටුවේ ගමන් කරන පුද්ගලයාගේ අවුරුද්දක් පෘථිවියේ අවුරුදු දහස් ගාණක් වුනත් වෙන්න පුලුවන්. මේ සර්ජි ක්‍රිකලෝ කියන පුද්ගලයා මේ ක්‍රම තමයි පාවිච්චි ‌කරේ තත්පර 0.02ක කාලයක් අනාගතයට කාලය තරණය කරන්න. 

ඉතින් ඔහු දවස් 803ක් පෘථිවයට වඩා වේගයෙන් ගමන් කරලත් ඔහුට කාලය තරණය කරන්න පුලුවන් වුනේ තත්පර 0.02ක වගේ බොහොම පොඩි කාලයක්. ඉතින් මේ වෙනකොට විද්‍යාඥයන් පරීක්ෂණ කරගෙන යනවා කොහොමද අපි මේ ආලෝක ප්‍රවේගයට පේක්ෂව ගමන් කරන්නේ කියන එක ගැන. ඉදිරි ලිපිවලදී ඔබට කියලා දෙන්නම් කාල අවකාශ ප්‍රයෝජනයට අරගෙන ප්‍රවේගයට වැඩි කරගෙන කාලය තරණය කරන්නේ කියන එක ගැනත්. 

w w w . s i r k i n a a . b l o g s p o t . c o m
#sirkinaa
Share on Google Plus

0 comments:

ඔබට මෙම ලිපිය පිළිබඳ හෝ වෙනත් කාරණයක් පිළිබඳ ගැටළුවක් ඇත්නම් මා හට දන්වන්න.