Nikopol පරිගණක ක්‍රීඩාව!!

පිටසක්වල ජීවීන් බවට පත් වූ ඊජිප්තු වෙදිවරැන් සහ පොළෝ වාසීන් අතර සිඳුවන ගැටුම් පාදක කරගත් නිකොපොල් පරිගණක කීඩාව!!!






ඔන්න අද දෙන්න යන්නේ කම්පියුටර් ගේම් එකක්. අතීතයේ ඊජිප්තුව පාලනය භාරව හිටපු දෙවිවරැන් පිරිසක් පිටසක්වල ජීවීන් කොටසක් බවට පත් වෙලා ඔවුන් විසින් පෘථිවියේ පාලනය එයාලගේ යටතට ගන්න දරන උත්සාහයත්, ඒ උත්සාහය ව්‍යාර්ථ කරන්න සටන් වදින ප්‍රංශයේ පැරිස් නුවර තරැණයෙක් ගැන කියවෙන කතාවක් තමයි මේ Nikopol (නිකොපොල්) පරිගණක ක්‍රීඩාවේ තේමාව වෙලා තියෙන්නේ.
එලබෙන 2023 අවුරැද්දේදී ප්‍රංශයේ පැරිස් නුවර පාදක කරගෙන ඇරබෙන මේ සටන එම ජීවීන් විසින් පෘථිවිය ආක්‍රමණය කිරීමට තබන පළමු පියවර වෙනවා. ඊජිප්තු දෙවිවරැන් ලෙස සැලකෙන මෙම ජීවීන් පිරිස පිරිමීඩයක් හැඩය ගත් විශාල යානයකින් පැරිස් නුවරට ඉහළ අහසේ ගමන් කරමින් සිටිනවා. හදිස්සියේම ඔවුන් ගමන් ගන්නා යාවයේ ඉන්ධන අවසන් වෙනවා. මෙම යානයේ සිටින්නේ ‍හෝරස් සහ පොප් යන නම්වලින් හඳුන්වන දෙවිවරැන් වන අතර ඔවුන් පෘථිවිය ආක්‍රමණය කරන්න කල් යල් බලමින් සිටින පිරිසක්ද වෙනවා. මේ අවස්ථාවේ ඔවුනන් පැරිසියේ නගරාධිපතිව දූතයනන් මඟින් සම්භන්ධ කරගන්නා අතර එහිදී ඔවුන් තමන්ගේ යානයට ඉන්ධන ලබා දෙන ලෙස නගරාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිනවා. පැරිස් නගරයේ රහස් ඔත්තු සේවා මඟින් තොරතුරැ සොයා බැලීමේදී දැනගන්නට ලැබෙන්නේ ඔවුන් පෘථිවිය ආක්‍රමණය කිරීමට සැලසෙන බවයි. එහිදී පැරිස් නගරාධිපතිවරයා දෙවිවරැන්ගේ ඉල්ලීම ඉවත දමනු ලබනවා.
දෙවිවරැන් තමන්ගේ ඉල්ලීම් ඉටුනොවන බව දැනගැනීමෙන් බලවත් සේ කෝපවන අතර කෙසේ හෝ පැරිස් නුවර පාලනය තමන් යටතට ගන්න සැලසුම් කරනවා. ඒ සඳහා ඔවුන් පැරිස් නගරයේ වාසය කරන තරැණයෙකු යොදා ගන්න උත්සාහ කරනවා. නිකපොල් නම් වන ඔහු චිත්‍රශිල්පය ඉගෙනගන්නා විශ්වවිද්‍යාල සිසුවෙකි. තමන්ට ලැබෙන අමතර කාලයේදී රැකියාවක් වශයෙන් නගරයේ පොලිසියට යම් යම් අවස්ථා වලදී සහය දක්වන දක්ෂ බුද්ධිමත් තරැණයෙකි. නිකොපොල්ගේ පියා නගරය ආක්‍රමණය කිරීමට සැරසෙන හොරස් නම් දෙවියාට කලකට පෙර වැඳුම් පිදුම් කල පුද්ගලයෙකි. ඒ කාලයේදී හොරස්ගේ අණකට අකීකරැ වීම නිසා නිකපොල්ගේ පියා හොරස් විසින් නිර්මාණය කරන ලද වනාන්තරයක කලක පටන් සිරගත කොට ඇත.
හොරස් විසින් නිකපොල්වද තමන්ගේ ආයුධයක් ලෙස භාවිතා කරන්න සැරසෙනවා. ඒ අනුව ඔවුන් නිකපොල්ව තමන්ගේ පාලනයට ගෙන ඔහු හරහා මුලින්ම පැරිස් නුවර පාලනයත් ඒ මඟින් මුලු පෘථිවියේ පාලනයත් තමන් යටතට ගන්න උත්සාහ දරනවා. මේ අවස්ථාව වෙනවිට නිකපොල් තමන්ගේ පියා සොයාගැනීමට මඟක් සොයමින් සිටී. තම පියා සිරකර ගෙන සිටින හොරස් තමන්වද ඔවුන්ගේ පාලනයට ගැනීමට සැරසෙන බව දැනගත් නිකපොල් මින් ප1යෝජන ගන්නට සිතයි. කිතපොල් මෙය තමන්ගේ පියා සොයාගැනීමට අවස්ථාවක් බව සිතා ඔහු හොරස්ගෙන් තම පියා බේරාගැනීමටත් පෘථිවයත් බේරාගැනීමටත් මෙහෙයුමක් අරබනවා.
මෙහිදී එහුය ප්‍රංශ රජයේ සහයද ලැබෙන අතර ඔහුට රජය සමඟ කටයුතු කිරීමට වෙන්නේ ඉතා රහසිගතවය. මෙහිදී ඔවුනොවුන් රහස් සංකේත භාවිතා කරන අතර පරිගණක ක්‍රීඩකයාට ඒ කියන්නේ ඔබට රහස් සංකේත පිලිබඳ දැනුමක්ද මෙහිදී ලබා ගන්න පුලුවන් වෙනවා. හොරස් සමඟ ගනුදෙනු කිරීමේදී ඉතා සුලුහෝ සැකයක්  නොසිතෙන පරිදි මෙම මෙහෙයුම ක්‍රියාත්මක කල යුතු බව නිකපොල් දනී. මෙම පරිගණක ක්‍රීඩාවේදී ක්‍රීඩකයාට නිකපොල් ලෙස මෙම ත්‍රාසජනක ක්‍රීඩාවේ යෙදීමට සිඳු වෙනවා.
මෙම ක්‍රීඩාවේදී නිකපොල් බොහෝ විට භාවිතා කරන්නේ බුද්ධිමය උපක්‍රම වන අතර අවි ආයුධ භාවිතා කිරීම සිඳු වන්නේ වෙනත් කල යුතු දෙයක් නොමැති අවස්ථාවන් වලදී පමණි. පරිගණක ක්‍රීඩාව මින්සුන් හා වෙනත් ජීවීන් අතර සිඳුවන සටන්වල දක්නට ලැබෙන ආකාරයේ නවීන අවි සමඟ ඇතිවන සටන් දක්නට නොලැබේ.
මෙහිදී පරිගණක ක්‍රීඩකයාගේ අරමුණ විය යුත්තේ නිකපොල් ලෙස තමන්ගේ පියා සහ පෘථිවය බේරා ගැනීමත් දෙවිවරැන් ලෙස පෙනී සිටින පිටසක්වල ජීවීන් විනාශ කිරීමත්ය.

ඔන්න කතාවනම් ඉවරයි. එහෙනම්ම දැං බලන්න මේ ගේම් එක ප්ලේ කරන්න ඔයාගේ කම්පියුටරේ තියෙන්න ඕනි සුදුසුකම් මොනවද කියලා!!

OS(මෙහෙයුම් පද්ධතිය) : Windows XP/Vista
Processor : Pentium 4 @ 1.7 GHz
Memory : 512 Mb
Hard Drive : 3 Gb free
Video Memory : 128 Mb
Video Card: nVidia GeForce 6 series / ATI Radeon 9600
Sound Card : DirectX Compatible
DirectX : 9.0c
Keyboard
Mouse
DVD Rom Drive



එහෙනම් ඔන්න පල්ලෙහා ටොරන්ට් ලින්ක් එක තියෙනවා. ඒකෙන් බාගන්න.

එහෙනම් අලුත් පෝස්ට් එකකින් හම්බවෙමු. ෆලෝ පාරක් එහෙම දාන්න හොදේ


Share on Google Plus

2 comments:

  1. ලස්සන ගේම එකක් වගේ ඔවා බාගන්න තරම් හොද internet දැන් නෑ. ලොකේ කෙසෙවෙතත් ලංකාව දියනු වෙන්න වෙන්න internet slow තමයි

    ReplyDelete
  2. එල එල තෑන්කියු ගේම් එකක් දැම්මට.මේ දවස්වල කම්මැලිකමේ ඉන්නේ ගේම් එකක් නැතුව දිගටම ලියන් යන්න

    Thx

    ReplyDelete

ඔබට මෙම ලිපිය පිළිබඳ හෝ වෙනත් කාරණයක් පිළිබඳ ගැටළුවක් ඇත්නම් මා හට දන්වන්න.