Asphalt 8 vs Real Racing 3 vs GT Racing 2 (Android): Download and Race


ඔබ කවුරුත් රේසින්ග් ක්‍රීඩා වලට කැමැත්තක් දක්වනවා නියතයි. එමෙන්ම ඇන්ඩ්‍රොයිඩ් භාවිතා කරන ඔබ තිබෙන හොඳම රේසින්ග් ක්‍රීඩාවන් මොනවාදැයි මේ වනවිටත් නොදන්නවා විය නොහැක. මේ වන විට ඇන්ඩ්‍රොයිඩ් සංස්කරණයට පැමිණ ඇති ජනප්‍රියම ක්‍රීඩාවන් වන්නේ Asphalt 8, GR Racing 2 සහ Real Racing 3 යන ක්‍රීඩාවනුයි. මේ දුරකථන ක්‍රීඩා තුනටම තමන්ටම කියලා අනන්‍යතායක් තිබෙනවා. මමත් පෞද්ගලිකවම මෙම ක්‍රීඩාවන් තුනම ක්‍රීඩාකර තිබෙන අතර ගොඩක් ලොකු කැමැත්තක් දක්වනවා. මේ ක්‍රීඩාවන් තුන තමයි මම අලුත් දුරකතනයක් ගත් සැනින්ම ස්ථාපනය කරනු ලබන්නේත්. නමුත්, බෙන්ච්මාර්ක් අතින් ගත්විට මේ ඇස්පල්ට් 8, රියල් රේසින්ග් 3 සහ ජීටී රේසින්ග් 2 යන ක්‍රීඩාවන් දුරකථනයෙන් දුරකථනයට දක්වන ක්‍රියාකාරිත්වය වෙනස් වනු ඇත.


මෙම ලිපියෙන් කුමන රේසින්ග් ගේ්ම් එක පළමු ස්ථානය ගන්නවාදැයි අවසානයේදී වටහා ගැනීමට හැකිවනු ඇත. මෙම සියලුම ගේම් තුනම රේසින්ග් ගේම් වුනත්, ඒවාගේ අත්දැකීම් එකකට එකක් වෙනස්ය. එම සියලුම ගේම් නොමිලේ ක්‍රීඩා කල හැකිවන අතරම, මේවාගෙන් හොඳම ගේම් එක කුමක්දැයි යන්න වටහා ගැනීමට යම් තර්කයක් ගොඩනගන්නට සිඳුවනු ඇත. මෙම ලිපියෙන් Asphalt 8 හෝ Real Racing 3 හෝ GR Racing 2 යන ක්‍රීඩාවන් ගැන කියවෙන්නකටත් වඩා මේ ක්‍රීඩාවලින් ක්‍රීඩාව සෙල්ලම් කරන පුද්ගලයාට ලබා දෙන්නේ කුමක්දැයි යන වග මෙයින් ඉඳිරිපත් කරනු ලබයි.

සටහන: Asphalt 8, Real Racing 3, GT Racing 2 යන ක්‍රීඩාවන් ස්ථාපනය කරන්නටනම් ඔබගේ ඇන්ඩ්‍රොයිඩ් උපකරණයේ වැඩි ඉඩක් තිබිය යුතුමය. අඩුම තරමේ 6GB ඉඩක්වත් තිබිය යුතුයි ඔබ මෙම ක්‍රීඩාවන් තුන ස්ථාපනය කරන්නට ප්‍රථමව. මෙම ක්‍රීඩාවන් තුනම Samsung Galaxy Note III ස්මාර්ට් ජංගම දුරකථනයක් භාවිතා කරගනිමින් අත්හදා බැලූ අතර ක්‍රීඩාවන් තුනම ඉතා හොඳින්, සුමටම ක්‍රියාත්මක විය. නමුත්, සමහර විශේෂාංගයන්ට අන්තර්ජාල සම්බන්ධතාවය අවශ්‍යය වනු ඇත.

Google Play Ratings and Links:

Asphalt 8: 4.5 /5
Download-on-Google-Play

Real Racing 3: 4.3 /5
Download-on-Google-Play

GT Racing 2: 4.3/5
Download-on-Google-Play


The Good:

ගේම් තුනම ස්ථාපනය කරගැනීමට සහ ක්‍රීඩා කිරීමට නොමිලේ ලබාදෙනු ඇත. අනිත් අතට මෙම ගේම් තුනම ග්‍රැෆික් අතින් ඉතාමත් ඉහළ අගයක් ගනු ලබයි. ඔබට ඉහළ මට්ටමේ ඇන්ඩ්‍රොයිඩ් උපකරණයක් තිබේනම්, මෙම නොමිලේ ලබාදෙන ගේම් තුන විසින් ඔබව පුදුමයට පත්කරවනවා නොඅනුමානයි.

Asphalt 8 vs Real Racing 3 vs GT Racing 2

The Bad:

මෙම ක්‍රීඩාවන් තුනම ස්ථාපනය කරගෙන ක්‍රීඩාකරන්නට ලබාදෙන්නේ නොමිලේ ය. ඉහතින් සඳහන් කරනු ලැබූ "The Good" යන කොටසේදීත් මම මේ පිළිබඳව කියනු ලැබුවා. මෙතනදී එය නැවත වරක් මම පවසනු ලබන්නේ, ඔබට මෙවාගේ නොයෙකුත් විශේෂාංගයන් ක්‍රියාත්මක කරගැනීමට අවශ්‍යයනම් මුදල් ගෙවීමට සිඳුවනු ඇත. ක්‍රීඩාව සිඳුකරගෙන යන අතර ඔබ එයට දක්වන කැමැත්ත වැඩිවූවහොත් ඔබට නොදැනීම ඔබගේ ගිණුමේ ඇති මුදල්ද අවසන් වනවා නොඅනුමානයි. මේ හේතුව පිළිබඳව ප්‍රවේශම් වන්න. සමහර අවස්ථාවලදී ඔබට එක දිගටම මෙම ක්‍රීඩාවන් ක්‍රීඩා කරන්නට අවශ්‍යය වූවත් IAP විසින් ඔබට ලබාදෙන ක්‍රීඩායේ ආස්වාදය යම්තාක් දුරකට අඩුකරනු ලබනු ඇත.

Asphalt 8 vs Real Racing 3 vs GT Racing 2

The Bottom Line:

මෙම නොමිලේ ලබාදෙන රේසින්ග් ක්‍රීඩාවන් කාලය ගත කිරීමට ගොඩක් හොඳ ක්‍රමයක් වනු ඇත. ඔබට ඇප්ලිකේෂන් මිළඳී ගැනීමේදී යම් ප්‍රමාද දෝෂ සිඳුවූවත්, ඒ පිළිබඳව කලකිරීමට අවශ්‍යය නොවනු ඇත. ඒ වෙනුවට ඔබට වෙනත් ක්‍රීඩාවක් විවෘත කරගෙන එය ක්‍රීඩා කරන්නට හැකිවනු ඇත. ඇන්ඩ්‍රොයිඩ් වල බලය වන්නේ මෙයයි. ඔබගේ කාලය ගත කරන්නට සරලවම ක්‍රමවිදි බොහෝමයක්ම ඔබට ඇත. ගේම් තුනෙන්ම ඔබට වෙනස්ම අත්දැකීම් ලබාදෙන අතර ඔබ විසින් වාහනය හසුරවනවාද, නැතිනම් වාහනයට ඉබේම යන්න දී ඔබ වමට සහ දකුණට වාහනය හරවනවාද යන්න තීරණය කල යුතුවන්නේ ඔබයි.

Asphalt 8 vs Real Racing 3 vs GT Racing 2

Revving the Engine - Asphalt 8 Wins:

ඉහතින් දක්වා ඇති ගේම් තුනම බාගත කරගැනීමට සුලු මොහොතක් ගතවනු ඇත. මේ විශාල ගේම් තුන අතුරින් ඇස්පල්ට් 8 ක්‍රීඩාව ඉක්මනින්ම ඔබට විනෝදාස්වාදය සපයන්නට ලකලෑස්තිවනු ඇත. මෙම ක්‍රීඩාවන් අතර දත්ත ප්‍රමාණය ඉතා ලොකු වෙනසක් නොවූවත්, ඇස්පල්ට් 8 ඉක්මනටම ඔබට වාසියක් වන පරිද්දෙන් ක්‍රියාත්මක වනු ලබයි. සමහරවිට Gameloft සමාගමේ සර්වර් නිසා මෙම බාගත වීම ඉක්මනින්ම සිඳුවනවා විය හැක. නමුත්, GT Racing 2 ක්‍රීඩාවද ගේම්ලොෆ්ට් සමාගම විසින් නිපදවන ලද්දක්. හේතුවක් නිශ්චිතවම ඒ පිළිබඳව කිවනොහැක.

Asphalt

Real Racing 3 ක්‍රීඩාව බාගත වීමට බොහෝ වේලාවක් ගතවනවා පමණක් නොව විටින් විට එම ක්‍රීඩාවට අදාල වෙනත් දත්තයන් බාගත කරගැනීමට ක්‍රීඩාව ස්වයංක්‍රීයවම නවත්වනු ලබන ඇත. පළවෙනි අවස්ථාවෙන්ම සියලුම අවශ්‍යය කරනු ලබන දත්ත බාගත කරන්නට ලබාදිය නොහැකි ඇයි? මම මේ තර්කය ගොඩනගන්නේ යාවත්කාලීනයන් (updates) පිළිබඳව නොවෙයි. විටෙක, ඔබට වාහනයක් ගැන පරීක්ෂා කරන්නට අවශ්‍යයනම් ඔබට එම වාහනයට අවශ්‍යය දත්ත ඔවුන්ගේ සර්වර් එකෙන් නැවත වරක් බාගත කරගන්නට සිඳුවනු ඇත. ඔන්න ඔය වගේ හේතු පිළිබඳවයි මම මේ පවසන්නේ. මෙගාබයිට් 500ක් යනු සුලු දත්ත ප්‍රමාණයක් සේ පෙනුනත් විටින් විට ක්‍රීඩාව ගොනු බාගත කරගැනීමට ස්වයංක්‍රීයවම නවතින එකට ඕනෑම කෙනෙකු අකමැති වනු ඇත. බොහෝ වේලාවට මෙම විශාල දත්ත ප්‍රමාණයක් ඇති ක්‍රීඩාවන් බොහෝමයක් පාරිභෝගිකයන් බාගත කරනු ලබන්නේ රාත්‍රියේදී ය.

real racing 3

Accessibility and Ease of Use - Real Racing 3 Wins:

Real Racing ක්‍රීඩාව පැමිණෙන්නේ ඇන්ඩ්‍රොයිඩ් වලට මෙතෙක් ලබාදී ඇති උපරිම විශේෂාංගයන්ද සමඟිනි. මෙම ක්‍රීඩාවන් තුනේම, Asphalt 8, GR Racing 2 සහ Real Racing 3 යන තුනම පැමිණෙන්නේ එක හා සමාන ටියුටෝරිලයන් සමඟිනි. ක්‍රීඩාවේ මෙනු පෙන්වීමට කලින් ඔබට ක්‍රීඩාව ක්‍රීඩා කරන අයුරු උගන්වනු ලබයි. මෙම ක්‍රමය ක්‍රීඩකයාට ක්‍රීඩාව පිළිබඳ මනා අවබෝධයක් ලබාගැනීමට ඉතාමත් හොඳ ක්‍රමයක් ලෙස සැලකිය හැක. 

Asphalt 8 vs Real Racing 3 vs GT Racing 2

ඔබ හදිස්සියේවත් ඔබේ දුරකථනය ක්‍රීඩාව අතරමඟදී ක්‍රීඩා කරමින් සිටින අතරතුර, එය අවසන් නොකර දුරකථනය විකුණුවහොත් ඔබට අනිකුත් ක්‍රීඩාවන් මුල පටන්ම නැවත ආරම්භ කරන්නට සිඳුවනු ඇත. නමුත් රියල් රේසින්ග් 3 ක්‍රීඩාවේදී ඔබගේ ගිණුම ඔවුන්ට ලබා දුන් සැනින් ඔබගේ කලින් තිබූ සංරක්ෂිත ගොනුව ඔබට බාගත කරගන්නට ඉඩදෙනු ඇත. එය බොහෝදුරට මෙගාබයිට් දෙකක/පහක ගොනුවක් වනු ඇත. අනිකුත් ක්‍රීඩාවන් වලටද මෙම හැකියාව තිබේනම් ඒ රියල් රේසින්ග් 3 ක්‍රීඩාව ඔවුන් අනුගමනය කරන නිසාවෙනි.

Asphalt 8 vs Real Racing 3 vs GT Racing 2 

Graphics Galore - Real Racing 3 Wins:

ඔබට දර්ශනයන් පෙන්වන්නට ආරම්භ කල විට EA සමාගම විසින් සැබවින්ම ඉතාමත් ඉහල විපර්යාසයක් කර තිබෙනවා දක්නට ලැබේවි. Gameloft සමාගම විසින්ද ඔවුන්ගේ ක්‍රීඩාවන්ට උචිත අයුරින් ග්‍රැෆික්ස් අඩංගු කර ඇත. මේ වනවිට ඔවුන් රියල් රේසින්ග් ක්‍රීඩාවේ ඇති ග්‍රැෆික් මට්ටමටම පැමිණ ඇත. මගේ පෞද්ගලික මතය අනුව රියල් රේසින්ග් 3 තමයි මෙතුවක් කලකට මම ඇන්ඩ්‍රොයිඩ් උපකරණයකින් ක්‍රීඩාකරපු ග්‍රැෆික් අතින් වැඩිම ක්‍රීඩාව වන්නේ.

Real Racing 3

වාහන මාදිළියන්, ආලෝක කරනය, වටපිටාවේ සුමටබව වගේම මාර්ගයන් පවා ඉතාමත් ඉහළ මට්ටමකින් නිර්මාණය කර තිබෙනවා. මම මේ තර්ක කරනුයේ සෑහීමකට පත්වන්නට හැකි ග්‍රැෆික් මට්ටමක් පිළිබඳවයි. 

Real Racing 3 

The Fun Factor - Asphalt 8 Wins:

සාමාන්‍යය රේසින්ග් තරඟයකට වඩා වැඩි විනෝදයක් ඇස්පල්ට් 8 ක්‍රීඩාව විසින් ඔබට ලබාදෙනු ඇත. විටක මෙය ඉහළ ගනයේ රේසින්ග් අත්දැකීමක්ද වනු ඇත. ඔබ පරිගණක ක්‍රීඩකයෙක්නම් ඔබට Asphalt ක්‍රීඩාව Burnout පරිගණක ක්‍රීඩාවන්ට බොහෝ සෙයින් සමාන බවට වටහා ගැනීමට හැකිවනු ඇත. ස්ටන්ට් ක්‍රියාවන්, වාහනයට සිඳුවන අලාභහානි වගේම නයිට්‍රස් ස්වයංක්‍රීයවම නැවත ආරෝපණය වීම යනාදී සියලුම කරුණු වලින් සිඳුවනුයේ ක්‍රීඩාව ක්‍රීඩා කිරීමේදී ඔබට වැඩි විනෝදාස්වාදයක් ලබා දීමටයි.

Asphalt (3) 

මෙම ක්‍රීඩාව ඉඳිරියට යන්නට යන්න ඔබට විනෝදාස්වාදය සපයන ප්‍රමාණය වැඩිවනු ඇත. ඇස්පල්ට් 8 යන ක්‍රීඩාව විනෝදාත්මක ක්‍රීඩාවක් බවට පත්වෙන්නේ සාමාන්‍යය රේසින්ග් අත්දැකීමක් ඇති සැබෑ වාහන පැදවීමක් හෝ වාහන වල ශබ්දය පිළිබඳ අවබෝධයක් වැඩිපුර නොමැති පුද්ගලයන්ටයි.

Asphalt (34)

The Simulation - Real Racing 3 Wins:

මේ පිළිබඳව ගතහොත් GT Racing සහ Real Racing යන දෙකටම අයිති වනු ලබයි. මෙම ක්‍රීඩාවන් දෙකේම බොහෝම සමානකම් පවතියි. Real Racing ක්‍රීඩාව තුල ඔබගේ වාහනයට අලාභහානි සිඳුවූ විට ඔබගේ වාහනය තරඟය අවසන් වූ විට නැවත අලුත්වැඩියා කරගැනීමට අවස්ථාවක් ලබාදෙනු ඇත. 

Real Racing 3

නමුත් රියල් රේසින්ග් විසින් වාහනයේ ඇති බර ක්‍රීඩකයාට සැබෑවටම දැනෙන අයුරින් නිර්මාණය කර ඇත. එමෙන්ම අදාල මාදිලියන් වලදී සැබවින්ම ඔබ වාහනයක් පදවන්නාක් මෙන් දැනෙන්නට තරම් මේ ක්‍රීඩාව නිර්මාණය කරන්නට EA සමාගම සමත් වී තිබෙනවා. මේ වන විට කාර් රථ 100ක් මෙම ක්‍රීඩාවේ දක්නට ලැබෙන අතර, ඔබට අවශ්‍යයනම් ඒ සියල්ල මුදල් දී ලබාගත හැක. නමුත් ඔබට ඉවසීමට හැකිනම්, ඒ සියල්ලම නොමිලේද ලබාගැනීමට හැක.

Real Racing 3 

Playing With Others - Asphalt 8 Wins:

මේ මාතෘකාව යටතේ ගත්තහම Asphalt 8 සහ GT Racing 2 අතර ලොකු තරඟයක් තිබෙනවා. නමුත් ඒ අතරින් ඇස්පල්ට් විතරක් ජයග්‍රහණය කිරීමට හේතුව වනුයේ, බොහොමයක් අය දවසේ පුරුද්දක් විදිහට මෙම ක්‍රීඩාව ක්‍රීඩා කරන නිසායි. මෙම ක්‍රීඩාවට අදාල අනිකුත් පුද්ගලයාව සම්බන්ධකරගෙන තරඟය ආරම්භ වීමට ගතවනුයේ තත්පර කිහිපයක් පමණි.

Asphalt (36)

GT Racing 2 විසින් අනිකුත් ක්‍රීඩකයන් තරඟයට සම්බන්ද කරගැනීමට යම් කාලයක් ගතවනු ඇත. සමහර අවස්ථාවන් වලදී තරඟයට ක්‍රීඩා කිරීමට ඇති තරමට ක්‍රීඩකයන් නැති හෙයින් ඔබව නැවතත් ක්‍රීඩාවේ ප්‍රධාන මුහුනතට රැගෙන යනු ඇත.

GT Racing

Real Racing 3 ක්‍රීඩාවේ ඇත්තේ වෙනස්ම ක්‍රියාකාරකමක්. එහිදී ඔබගේ මිතුරාගේ ධාවන කාලය ක්‍රීඩාව විසින්ම ඔබත් සමඟ සම්බන්ද කරනු ලබන අතර, එම පුද්ගලයා ඒ වෙලාවේ ක්‍රීඩා නොකලත් ඔබට ඔහුගේ කාල පරාසයන් සමඟ ක්‍රීඩා කරන්නට හැකිවනු ඇත. මෙය පුද්ගලයන් කිහිප දෙනෙකු (multiplayer) අතර සිඳුවන තරඟයක් නොවේ.ඒ පිළිබඳව සලකා බලන විට රියල් රේසින්ග් හි ක්‍රීඩකයන් කිහිප දෙනෙකු එකවර සම්බන්ධ වී ක්‍රීඩාකාරීමට ඇති හැකියාව මෙහි නොමැත.

නිගමනය:

Asphalt 8, Real Racing 3 සහ GT Racing 2 අතර ඇති තරඟයෙන් මට හැගෙන අයුරින් හොඳම ක්‍රීඩාව මේ අයුරින් විස්තර කරන්නම්.

Arcade ක්‍රීඩාවක් ලෙස -  Asphalt 8 > Real Racing 3 > GT Racing 2
Simulation ක්‍රීඩාවක් ලෙස - Real Racing 3 > GT Racing 2 > Asphalt 8

මෙම ක්‍රීඩාවන් පිළිබඳ ඔබට ඇති අත්දැකීම් සහ ඔබගේ නිගමනයන් පිළිබඳවද අප දැනගැනීමට කැමතියි.


ඇස්පල්ට් 8, රියල් රේසින්ග් 3 සහ ජීටී රේසින්ග් 2 (ඇන්ඩ්‍රොයිඩ්): බාගත කරගැනීම් සහ කරුණු ගෙනහැර දැක්වීම
w w w . s i r k i n a a . b l o g s p o t . c o m
#sirkinaa
Share on Google Plus

1 comment:

  1. නියමයි..වටින ලිපියක්..තවත් මේ වගේ ලිපි ලියන්න..

    ReplyDelete

ඔබට මෙම ලිපිය පිළිබඳ හෝ වෙනත් කාරණයක් පිළිබඳ ගැටළුවක් ඇත්නම් මා හට දන්වන්න.